admin

දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ 15 වන ගුණසැමරුම් උත්සවය සදහා වැලිවේරිය එතුමාගේ ස්මාරකය අභියසදී පැවති පුෂ්පෝඋපහාර උත්සවයට ඊයේ (06) මා සහභාගි විය

දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ජාතික වශයෙන් ඉටුකරනලද සේවාවන් කෘතවේදීව සිහිපත් කරමි.

පරාක්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධානය සහ පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ජාතික ව්‍යාපාරය එක්ව සංවිධානය කරනු ලැබු අලුත් සහල් මංගල්‍යය සහ සඝසතු දානමය පුණ්‍යකර්මය අද දින (12) ඓතිහාසික පරාක්‍රම සමුද්‍රය වැව් බැම්මෙහි සමාධි බුද්ධ ප්‍රතිමාව අභියසදී පැවැත්විණි.

පොළොන්නරුව ප්‍රදේශයේ ගරුතර මහා සංඝරත්නය වැඩම කරවීමෙන් සහ පොළොන්නරුව දිස්ත්‍රික් වාරී ක්ෂේත්‍ර රාජ්‍ය නිලධාරීන් හා පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාරයට අයත් ගොවි සංවිධානවල නිලධාරීන් හා ගොවි ජනතාව මේ අවස්ථාව සදහා එක්විය.

“ඇය දැයේ අභිමානයයි”යන තේමාව ඔස්සේ

මෙවර කාන්තා දිනය සමරන ශ්‍රී ලාංකික සියලුම කාන්තාවන් හට ගරුකරමින්, දිරි ගන්වමින් සියලු කාන්තාවන් උදෙසා සුරක්ශිත සමාජයක් බිහි කිරීම කාන්තා දිනය සමරන අද දින අප සැමගේම වගකීම වේ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ එම ආර්යාව ඇතුලු චීන තානාපති කාර්යාලය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් අද දින (04) පොළොන්නරුව නිවසේදී මා මුණගැසීණි.

චීනය සහ ශ්‍රී ලංකාව අතර දශක ගණනාවක සිට පවතින මිතුදම තවත් ශක්තිමත් කිරීම සඳහා චීන රජය ලබාදෙන සහයෝගය වෙනුවෙන් චීන ජනාධිපති Xi Jinping මහතා වෙත මාගේ ස්තුතිය පළකර අතර, ඒ වෙනුවෙන් චීන තානාපතිතුමා සිදුකරන මැදිහත්වීම ද සිහිපත් කරන ලදි. තානාපතිතුමා සහ පිරිස සමඟ පොළොන්නරුව ප්‍රදේශයේ… Read More »ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ එම ආර්යාව ඇතුලු චීන තානාපති කාර්යාලය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් අද දින (04) පොළොන්නරුව නිවසේදී මා මුණගැසීණි.