admin
ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණ යටතේ තරග කරන අපේක්ෂකයන්ගේ හමුවක් (16) දින ගාල්ල උළුවිටිකේ ඕවින්මෝ හෝටල් පරිශ්‍රයේදී දිස්ත්‍රික් නායක ශාන් විජේලාල් ද සිල්වා මහතාගේ සංවිධානයෙන් පැවැත්විණි…
එම අවස්ථාව සදහා ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් දිස්ත්‍රික් සංවිධායකවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරින්ගේ පිරිසක් එක්වූහ…. -මාධ්‍ය ඒකකය-
වව්නියාව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සහ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන.
මෙම අවස්ථාවට ශ්‍රි.ල.නි.ප ජේෂ්ඨ උපසභාපති යාපනය දිස්ත්‍රික් පා.ම. අංගජන් රාමනාදන් මැතිතුමා, මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි සජින් වාස් මැතිතුමා අතුලු දේශපාලන නියෝජිතයන් රැසක් සහභාගි විය. — මාධ්‍ය ඒකකය–
හිරු නොබසින අධිරාජ්‍ය ලෙස විරුදාවලිය ලත් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අපගේ මාතෘ භුමිය දීන බවින් මිදි නිදහස් රාජ්‍යයක් බවට පත්වූයේ 1948 පෙබරවාරි 04 වැනිදාය. ඒ වසර 133 ක් අධිරාජ්‍යවාදයේ යටත්විජිතයක්ව පැවතීමෙන් පසුවය.
1947 දී බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව විසින් ලංකා ස්වාධීනතා රාජාඥාව නිකුත් කරමින් 1948 පෙබරවාරි 04 දා සිට ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් කරන ලදී. මෙම නිදහස් පනත හෙවත් රාජාඥාව ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමත් සමග නීතිගත විය. ඒ අනුව 1815 දී බ්‍රිතාන්‍යයන් හට ගිවිසුමකින්… Read More »හිරු නොබසින අධිරාජ්‍ය ලෙස විරුදාවලිය ලත් මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අපගේ මාතෘ භුමිය දීන බවින් මිදි නිදහස් රාජ්‍යයක් බවට පත්වූයේ 1948 පෙබරවාරි 04 වැනිදාය. ඒ වසර 133 ක් අධිරාජ්‍යවාදයේ යටත්විජිතයක්ව පැවතීමෙන් පසුවය.