ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාව සහ විධායක සභාවේ විශේෂ රැස්වීමක් ශ්‍රීලනිප සභාපති හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැත්විණි.
එහි දී ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ සඳහන්වන පක්ෂයේ නිලධාරී මණ්ඩලය දැනට වඩා පුළුල් කිරීම සඳහා යෝජනාවක් සම්මත කරගත් අතර ශ්‍රීලනිපයේ ඉදිරි මාස 6 ක ආසන මට්ටමේ සිට ගම්මට්ටම දක්වා ශක්තිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එහි දී යෝජනා විය.