ශ්‍රී ලංකාවේ මල් හටගන්නා එනම් සපුෂ්ප ශාක විශේෂ 3,087 න් 1,496 ක්ම තර්ජනයට ලක්ව ඇත. ඒ අනුව එම ශාක රතු දත්ත ලැයිස්තුවට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම ශාක ව්‍යාප්තව ඇත්තේ මහනුවර, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, මාතලේ, ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල වන අතර සපුෂ්ප ශාක හා පර්ණාංග ශාක ජාතික සංරක්ෂණ තත්වයට පත්කිරීමට පියවර ගෙන ඇත.