admin

මෙරට ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීමේ “සුරකිමු ගංගා” ජාතික වැඩසටහනේ අම්බලන්තොට වලවේ ගඟ මූලික කරගනිමින් පවත්වන වැඩසටහන අම්බලන්තොට ගිරිහඩු සෑය විහාරස්ථානයේ දී ඊයේ (ඔක්තෝම්බර් 15) දින ආරම්භ විය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් දස වැදෑරුම් සංකල්පයෙහි අන්තර්ගත තිරසර පරිසර කළමනාකරණය සඳහා සැලසුම් කළ වැඩසටහන් අතුරින් ප්‍රධාන වැඩසටහනක් ලෙස “සුරකිමු ගංගා” ව්‍යාපෘතිය හඳුන්වාදිය හැකිය. පරිසර අමාත්‍යාංශයේ, මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ඇතුලු මහත්ම මහත්මීන් රැසක් මේ සඳහා සහභාගී විය.

“සිරිලක සිරිකත” නමින් ජනතාවගේ හදෙහි රැඳුණු ලොව ප්‍රථම අගමැතිණිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වන ගුණසමරුව අදයි.

ලොව ප්‍රථම කාන්තා අගමැතිණිය ලෙස ලෝකය ඉදිරියේ සිය නාමය සනිටුහන් කරමින් තෙවරක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කල ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය නික්ම ගොස් අදට වසර 21 ක් සපිරේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 21 වන ගුණසමරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදි අද උදැසන පැවැත්විණි.

ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා ඊයේ මාගේ නිවසේ දී හමුවිය.

කොරෝනා වසංගතය හා වර්තමාන ආර්ථික හා සමාජීය ප්‍රශ්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.මා හමුවීමට නිවසට පැමිණීම පිළිබඳව මා එතුමාට ස්තුතිවන්ත වෙමි.I met Swiss Ambassador Dominik Furgler yesterday (15) at my residence and we discussed the COVID-19 situation, present socio-economic issues in Sri Lanka. I am… Read More »ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා ඊයේ මාගේ නිවසේ දී හමුවිය.

பெருந்தோட்டத்துறை அமைச்சு மற்றும் தென்னை கித்துல் பனை செய்கை மேம்பாடு மற்றும் அவை சார்ந்த கைத்தொழில் பண்டங்கள் உற்பத்தி, ஏற்றுமதி பல்வகைப்படுத்தல் இராஜாங்க அமைச்சு நாடளாவிய ரீதியில் முன்னெடுக்கும் வீட்டுக்கு வீடு கப்ருக (கற்பகம்) – 40 இலட்சம் தென்னங் கன்றுகள் நாட்டும் செயற்திட்டத்தின் முல்லைத்தீவு மாவட்ட இரண்டாவது தென்னங்கன்றுகள் வழங்கும் நிகழ்வு பாராளுமன்ற உறுப்பினர் கலாநிதி சுரேன் ராகவன் அவர்களின் அலுவலகத்தின் ஏற்பாட்டில் இன்று (10) முற்பகல் மாந்தை கிழக்கு பிரதேச செயலாளர் அலுவலகத்திலும் துணுக்காய் பிரதேச செயலக பிரிவிலுள்ள ஐயங்குளம் கிராமத்திலும் இடம்பெற்றது.

இதன்போது மாந்தை கிழக்கு மற்றும் துணுக்காய் பிரதேச செயலாளர் பிரிவுகளில் தெரிவு செய்யப்பட்ட பொதுமக்களுக்கு 1000 தென்னங்கன்றுகள் வழங்கி வைக்கப்பட்டன.இந்த நிகழ்வில் மாந்தை கிழக்கு பிரதேச செயலாளர் செல்வி என்.ரஞ்சனா, மாவட்ட விளையாட்டு திணைக்கள உதவிப்பணிப்பாளர், தென்னை அபிவிருத்தி உத்தியோகத்தர்கள் மற்றும் கலாநிதி சுரேன் ராகவன் அவர்களின் அலுவலக பணிக்குழாமினர் கலந்துகொண்டு பொதுமக்களுக்கு தென்னங்கன்றுகளை சம்பிரதாயபூர்வமாக வழங்கிவைத்தனர்.

මහා විහාරාවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 72 වෙනි උපසම්පදා මහෝත්සවය නොවැම්බර් මස 24 වන දින කැලණි නදියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව එහි සීමා මාලකය ඉදිකිරීමට වරාය අධිකාරියත්, නාවික හමුදාවත් එම බත්තල (මණ්ඩපය) ස්ථාපිත කිරීම පිළිබඳ හෙට(10.09) දිනයේදී කටයුතු ආරම්භ කරන බැවින් ඒ පිළිබඳව පැවැත්වූ මූලික සාකච්ඡාව සඳහා අද(10.08) දින සහභාගී වූ අවස්ථාව.

අද දින දෙහිඅත්තකණ්ඩිය, දියවිද්දාගම “විදුල් බයෝමාස්” ආයතනය සතු 3.3MW ධාරිතාවයකින් යුත් ජෛව ස්කන්ධ විදුලි බලාගාරය නිරීක්ශනය කලා.මෙම බලාගාරය ග්ලිඩිසීරියා දැව උපයෝගී කරගෙන ක්‍රියාත්මක වන අතර වාර්ශිකව ගිගාවොට් පැය 24 ක් ජාතික පද්ධතියට එක් කරනු ලබයි.

ප්‍රදේශයේ පවුල් 15000 ක් පමන ග්‍රිඩිසීරියා වගාකරන අතර මෙම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය මගින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමටද විශාල පිටිවහලක් ලබාදෙයි. අක්කර 700 ක ග්ලිඩිසීරියා වගාවක් ආයතනය සතුවද පවතී.70% පුනර්ජනනීය ඉලක්කය වෙත ගමන් කරන ගමන සාක්ශාත් කර ගැනීමට මෙවැනි දෙස් විදෙස් ආයෝජන ඉතාමත් වැදගත් වන අතර… Read More »අද දින දෙහිඅත්තකණ්ඩිය, දියවිද්දාගම “විදුල් බයෝමාස්” ආයතනය සතු 3.3MW ධාරිතාවයකින් යුත් ජෛව ස්කන්ධ විදුලි බලාගාරය නිරීක්ශනය කලා.මෙම බලාගාරය ග්ලිඩිසීරියා දැව උපයෝගී කරගෙන ක්‍රියාත්මක වන අතර වාර්ශිකව ගිගාවොට් පැය 24 ක් ජාතික පද්ධතියට එක් කරනු ලබයි.

යුග දිවියට පත්වන ඕනෑම කාන්තාවකට මැතිනිය යනුවෙන් අමතන්නට කිසිවෙකුට කිසිදු බධාවක් නොමැත. එහෙත් මැතිනිය යන වචනය කියු විගසම අප සැමගේ මතකයට නිතැතින්ම සිහි ගැන්වන්නේ සිරිමාවෝ මැතිනියයි.

උඩරට රදළ පවුලක ඉපිද විවාහයේදී එවැනිම රදළ පවුලක් සමග සම්බන්ධ වුවද එතුමිය සැමදා ක්‍රියාකළේ පොදු ජනතා යහපත වෙනුවෙනි. තරුණ වියේදීම මහිලා සමිති ව්‍යාපාරය තුලින් සමාජ සේවය ආරම්භ කල එතුමිය තෙවරක්ම තම මව්බිමේ අග්‍රාමත්‍යවරිය ලෙස සමස්ථ රටටම නායකත්වය දෙන්නට වාසනාවන්ත වූවාය.තම රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ අනුගමනය… Read More »යුග දිවියට පත්වන ඕනෑම කාන්තාවකට මැතිනිය යනුවෙන් අමතන්නට කිසිවෙකුට කිසිදු බධාවක් නොමැත. එහෙත් මැතිනිය යන වචනය කියු විගසම අප සැමගේ මතකයට නිතැතින්ම සිහි ගැන්වන්නේ සිරිමාවෝ මැතිනියයි.

ජාතික විශ්‍රාමික දිනය අදයි…

තමන්ගෙ ජීවිතයේ වැදගත්ම මෙන්ම වටිනා කාලය මව්බිම වෙනුවෙන් කැපකොට ජීවිතයේ සැදැ සමය ගත කරන විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් අද දිනය වෙන් වී ඇත. කායික මෙන්ම මානසික වශයෙන් ශක්තිමත්, තව දුරටත් රාජකාරි ඉටු කලහැකි බොහෝ දෙනෙකුට රාජ්‍ය‍ සේවයේ වයස් සිමාව මත විශ්‍රාම ගැනිමට සිදුවේ. විශ්‍රාමික දිවිය බොහෝ… Read More »ජාතික විශ්‍රාමික දිනය අදයි…