admin

බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන ජනතාව අතර ප්‍රචලිත කිරීමෙහි අරමුණින් “පොල්ගහවෙල” ප්‍රදේශයේදී 2021.10.24 දින තවත් “බතික්,අත්යන්ත්‍ර පුහුණු පේෂකර්ම සේවා මධ්‍යස්ථානයක්” ජනතා අයිතියට පත් කරන ලදී.

මෙම අවස්ථාව සදහා වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි,ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොල්ගහවෙල ආසන සංවිධායක,බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම්තුමන්,ශ්‍රී ලංකා පේෂකර්ම ඇගළුම් ආයතනයේ අධ්‍යක්ෂතුමන්,ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂතුමන්,පළාත් පේෂකර්ම සහකාර අධ්‍යක්ෂතුමිය,පළාත් සභා හා පළාත් පාලන දේශපාලන නියෝජිතවරුන් ඇතුළු පිරිසක් එක් විය.

*රකිමු ලක් ඵල තුරු ව්‍යාපෘතිය*

ලෙවන්ගම ශ්‍රී සදා නන්දාරාම පිරිවෙන් විහාරාධිකාරී හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පීඨාධිපති ලෙනගල සිරිනිවාස හිමිපානන්ගේ අනුශාසකත්වයෙන් සතිමන්ත භාවනා මධ්‍යස්ථාන භූමියේ 2021/10/20 වප් පොහෝ දින පලතුරු ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

සෞභාග්‍යයමත් දේශයක බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් ව්‍යාපාර ශක්තිමත් කරමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළට එක් වෙමු.

දීප ව්‍යාප්තව බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ඇති කිරීමේ වැඩපිළිවෙළ තුළ තවත් එක් බතික් පුහුණු මධ්‍යස්ථානයක් 2021.10.24 දින දොඩම්ගස්ලන්ද ආසනයෙහි රිදීගම,”වරකාවැහැර ජනසළු මධ්‍යස්ථානයේ” දී ජනතා අයිතියට පත් කරන ලදී. බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයෙහි පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ වයඹ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා… Read More »සෞභාග්‍යයමත් දේශයක බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් ව්‍යාපාර ශක්තිමත් කරමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළට එක් වෙමු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන් මග ශක්තිමත් කිරීම සදහා දිස්ත්‍රික් මට්ටමින් සිදු කරනු ලබන වැඩපිළිවෙළ තුළ පුත්තලම් දිස්ත්‍රික්කය සදහා තරුණ,කාන්තා සංවිධාන පිහිටුවමින් නව නිළධාරී මණ්ඩලයක් පත් කර ගැනීම 2021.10.23 වන දින ශ්‍රී.ල.නි.ප පුත්තලම් දිස්ත්‍රික් නායක දයාශ්‍රිත තිසේරා මහතාගේ නිවසේදී පැවැත්විය.

මෙම අවස්ථාව සදහා ශ්‍රී.ල.නි.ප පුත්තලම් දිස්ත්‍රික් නායක දයාශ්‍රිත තිසේරා,වයඹ පළාත් හිටපු අමාත්‍ය සුමල් තිසේරා ඇතුළු පළාත් සභා,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්,ආසන සංවිධායකවරුන්,පක්ෂ ක්‍රියාකාරීන් රැසක් සහභාගී විය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ මැදිරිගිරිය ආසනයේ මැදිරිගිරිය කොට්ඨාශයේ හා ලංකාපුර කොට්ඨාශයේ තරුණ හා කාන්තා බලමණ්ඩල පිහිටුවීම අද දින මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

අද දින තරුණ හා කාන්තා බලමණ්ඩල සදහා තේරී පත් වූ සියලු නිලධාරී නිළධාරිනියන් හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සිදුකරගෙන යාම සදහා අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි.

“රකිමු ලක් ඵලතුරු”

විහාරාධිපති ආචාර්ය ත්‍රිපිටකවේදීශාස්ත්‍රපති පෑලියගොඩ සරණතිස්ස හිමිපානන්ගේ අනුශාසකත්වයෙන්ලෙවන්ගම සදානන්දාරාම විහාරස්ථානයේ වප් පොහෝ දින 20/10/2021 “ලක් ඵලතුරු” ව්‍යාපෘතිය දියත් කරන ලදී.

*රකිමු ලක් ඵල තුරු ව්‍යාපෘතිය*

ලෙවන්ගම ශ්‍රී සදා නන්දාරාම පිරිවෙන් විහාරාධිකාරී හෝමාගම පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පීඨාධිපති ලෙනගල සිරිනිවාස හිමිපානන්ගේ අනුශාසකත්වයෙන් සතිමන්ත භාවනා මධ්‍යස්ථාන භූමියේ 2021/10/20 වප් පොහෝ දින පලතුරු ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.