admin

“අත්කමින් ලොවක් දිනන්නට”

දේශීය බතික් කළාව ජනතාව අතර ප්‍රචලිත කිරීම වෙනුවෙන් දීප ව්‍යාප්ත බතික් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන 160ක් ස්ථාපිත කිරීමේ ජාතික වැඩසටහන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ සුරතින් අද (09) දින අරලියගහ මන්දිරයේදී සිදු කරන ලදී. ගරු බතික්,අත්යන්ත්‍ර,රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ සංකල්පයක්… Read More »“අත්කමින් ලොවක් දිනන්නට”

” රට එදා – අද සහ හෙට ” පන්නරය… මතවාදී මග දැක්ම.

බණ්ඩාරනායක ප්‍රතිපත්ති සමුදායන් තුළින් යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දැක්ම සැලසුම් සහගත අයුරින් නව මාවතකට ගෙන ඒම සදහා දිස්ත්‍රික් මට්ටමින් පවත්නා මතවිමසුම් හා සාකච්ඡා මාලාවෙහි ගාල්ල දිස්ත්‍රික් සංවිධාන හමුව 2021.11.05 දින බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විය. මෙම අවස්ථාව ශ්‍රී නිදහස් පක්ෂයේ ගරු සභාපති මෛත්‍රීපාල… Read More »” රට එදා – අද සහ හෙට ” පන්නරය… මතවාදී මග දැක්ම.

2021 වර්ෂය සඳහා මාගේ විමධ්‍යගත ප්‍රතිපාදන වලින් බියගම ආසනයේ අවමංගල්‍යාධාර හා සුභසාධක සමිති සඳහා පුටු පරිත්‍යාග කිරීම ඊයේ (11.01)දින සිදු කළ අවස්ථාව.

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ආසන සඳහා ඉදිරියේදී මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇත. මෙම අවස්ථාව සඳහා බියගම ආසන සංවිධායක නලින් සේනක දිසානායක මහත්මා හා කොට්ඨාශ නායකයින් වන කරුණාරත්න හෙට්ටිආරච්චි මහත්මා, එස්.ඒ මහින්ද මහත්මා, පී.ජී ප්‍රේමවංශ මහත්මා, සුමන රත්න බණ්ඩාර මහත්මා ඇතුලු පිරිසක් සහභාගී විය.

දීපාවලී උත්සව දිනය අදයි.

දීපාවලී උත්සවය සමරන සියලූම හින්දු බැතිමතුන්ගේ ජීවිත ආලෝකමත් වේවායි මා ප්‍රාර්ථනා කරමි. தீபாவளி பண்டிகை கொண்டாடும் அனைத்து இந்து உறவுகளினதும் வாழ்கை சுபீட்சமாக அமைய பிரார்திக்கின்றேன்.

දීපාවලී සැමරුම.

ලෝකයේ සියලුම හින්දු බැතිමතුන් දීපාවලී දිනය සමරන්නේ ඉතාමත් බැතිබර සිතින් හා දෙවියන් පිළිබඳව බැඳුණු මහා විශ්වාසවන්ත වත් අධිෂ්ඨාන සිතකිනි.දීපාවලී උත්සවය අනාදිමත් කාලයක සිට හින්දු බැතිමතුන් ගේ ජන ජීවිතය හා බැඳුණු විශේෂ සැමරුම් උත්සවයකි. මේ දිනයේදී අපි පහන් දල්වන්නේ අපගේ අභ්‍යන්තර අන්ධකාරය පහව ගොස් දීප්තිමත් ජීවිතයකින්අප… Read More »දීපාවලී සැමරුම.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අද දින මා හමුවීමට නිවසට පැමිණීම පිලිබඳව ස්තූති වන්ත වන අතර, එතුමාගේ වසර තුනක සේවා කාලය තුලදී ශ්‍රී ලංකා රජයට සහ මෙරට ජනතාවට ලබාදුන් ප්‍රසංසනීය රාජ්‍යත්‍රාන්තික සේවාව පිලිබඳව ස්තූති කලෙමි.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු වූ ජපානය මෙරටට ආධාර උපකාර කිරීමේදී සැබෑ ලෙංගතු මිතුරෙකු ලෙසම ක්‍රියාකොට ඇති බව මිත්‍රත්වයෙන් සිහිපත්කරමි. ජනාධිපතිවරයා ලෙස මාගේ ධූර කාලය තුලදී ජපන් රජය මෙරට තුල ආරම්භ කල දැවැන්ත ව්‍යාපෘති අනාගතයේදී මෙරට ජනතාවට ඵලදාය ලෙස භුක්ති විදීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරමි.… Read More »ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අද දින මා හමුවීමට නිවසට පැමිණීම පිලිබඳව ස්තූති වන්ත වන අතර, එතුමාගේ වසර තුනක සේවා කාලය තුලදී ශ්‍රී ලංකා රජයට සහ මෙරට ජනතාවට ලබාදුන් ප්‍රසංසනීය රාජ්‍යත්‍රාන්තික සේවාව පිලිබඳව ස්තූති කලෙමි.