admin
මා අද(28) දින හාලිඇල පිහිටි විදේශ සේවා කාර්යාංශයේ කාර්යාලය හා පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණ එම කාර්යාලය මඟින් සිදුවන කටයුතු පිළිබඳව ප්‍රගති සමාලෝචනයක් කරන ලදී.
කොව්ඩ් වසංගතය නිසා ජපන් හා ඊශ්‍රයල් රටවල් සඳහා ශ්‍රමිකයන් යැවීමට කරන ලද පුහුණු පාඨමාලා යම් ආකාරයකින් අඩපණ වී තිබුණ ද, දැන් කොවිඩ් වසංගතය බොහෝදුරට පහවී යන ලකුණු දක්නට ලැබෙන හෙයින් ඉතා ඉක්මනින් එකී පාඨමාලාවක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස පාලනාධිකාරියට උපදෙස් දුන්නේය.දැනටමත් මෙම පුහුණුවීමේ මධ්යස්ථානයතුල… Read More »මා අද(28) දින හාලිඇල පිහිටි විදේශ සේවා කාර්යාංශයේ කාර්යාලය හා පුහුණු මධ්‍යස්ථානය වෙත පැමිණ එම කාර්යාලය මඟින් සිදුවන කටයුතු පිළිබඳව ප්‍රගති සමාලෝචනයක් කරන ලදී.
“වතු කම්කරු ජනතාවට කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය නොවඩුව ලබාදිය යුතුයි.එම නිසා මාසයක් ඇතුලත හැටන් නව කම්කරු කාර්යාලයේ ඉදිකිරීම් අවසන් කරන්න” .
හැටන් නව කම්කරු කාර්යාලය නිරීක්ෂණය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැටි වැටි නැගිට ජයගත් පක්ෂයක්,අපි ගමට වැඩ බිමට ගිහින් ජනතාව සංවිධානය කළහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටවීමට වැඩිකල් යන්නේ නෑ.”
නුවරඑළිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රීක් සමුළුව.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වටා දැන් බදුල්ලේ ප්රගතිශීලි ජනතාව සීඝ්රයෙන් ඒකරාශි වෙනවා.අපි ශක්තිමත්ව ඉදිරි ඡන්ද වලට මුහුණදෙන්න ගම්මට්ටමින් සංවිධාන ශක්තිමත් කරමු.”
බදුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රීක් සමුළුව
වැඩකරන පන්තියේ සුබසාධන යටතේ ලෝක බැංකු පුළුල් ලෙස දායකවීම අත්‍යාවශ්‍යයි.
“රටක පාරවල් පාලම් විතරක් හදලා ඒ රට සංවර්ධනය කළ නොහැක.රටේ ජාතික සංවර්ධනය සමබර වීමට නම් ඒ රටේ වැඩකරන පන්තියේ ජනතාවගේ සුබසාධනයත් ඉහළ මට්ටමක තිබිය යුතු නිසා ලෝක බැංකුව සිය ආධාර ලබා දීමේදී භෞතික දියුණුවටසේම කම්කරු පන්තියේ ජනතාවගේ සුභ සාධනය වෙනුවෙනුත් ප්‍රමාණවත් මුදල් වෙන් කිරීමක් කළ… Read More »වැඩකරන පන්තියේ සුබසාධන යටතේ ලෝක බැංකු පුළුල් ලෙස දායකවීම අත්‍යාවශ්‍යයි.
දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතු ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට අවධානය යොමු වී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් වැලි මිලදීගන්නන්ගෙන් ඉහළ මිලක් අයකිරීම වැළැක්වීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව ඇමැතිවරයා සඳහන් කළේය.
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ වැලි බෙදාහැරීමේ කටයුතු කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තමන්ට උපදෙස් දුන් බව පැවැසූ අමාත්‍යවරයා, වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් පාරිභෝගිකයන් ගසා කෑම වැළැක්වීම සඳහාත්, ගුණාත්මක බවින් ඉහළ වැලි මහජනතාවට ලබාදීමත් අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා… Read More »දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතු ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට අවධානය යොමු වී ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වැලි බෙදාහැරීමේ දී අතරමැදියන් විසින් වැලි මිලදීගන්නන්ගෙන් ඉහළ මිලක් අයකිරීම වැළැක්වීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව ඇමැතිවරයා සඳහන් කළේය.
COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා අතිගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අමාත්‍ය ජී එල් පීරිස් හා අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්සත් රාජධානිය බලා පිටත්ව ඇත. එම පිරිස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විසින් පිළිගනු ලැබිණි.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට (ඔක්තෝම්බර් 31) සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වේ. “දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් සහභාගී… Read More »COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා අතිගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අමාත්‍ය ජී එල් පීරිස් හා අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්සත් රාජධානිය බලා පිටත්ව ඇත. එම පිරිස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විසින් පිළිගනු ලැබිණි.
COP 26 සමුළුවට සමගාමීව ස්කොට්ලන්ත විශ්වවිද්‍යාලයේ පැවති දකුණු ආසියානු අමාත්‍යවරුන්ගේ රැස්වීම අමතමින් “මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් වුවත් දේශගුණික විපර්යාසයන්ගෙන් වන බලපෑම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ලොවට ආදර්ශයක්” බව ගරු පරිසර අමාත්‍යතුමන් පසුගිය නොවැම්බර් 04 වනදා ප්‍රකාශ කරනු ලැබීය.
දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ආර්ථික ක්ෂේත්‍ර වලට හානි වන බවත් දශක ගණනාවක් තිස්සේ පවතින දේශගුණික හා ආපදා අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය මූල්‍ය විකල්ප ස්ථාපිත කර ඇති බවත් එතුමා වැඩිදුරටත් පැවසීය. ශ්‍රී ලංකාව ආපදා කළමනාකරණයේදී දක්වා ඇති ශක්‍යතාවන් සම්බන්ධයෙන් රටක් වශයෙන් සතුටට පත්වන… Read More »COP 26 සමුළුවට සමගාමීව ස්කොට්ලන්ත විශ්වවිද්‍යාලයේ පැවති දකුණු ආසියානු අමාත්‍යවරුන්ගේ රැස්වීම අමතමින් “මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් වුවත් දේශගුණික විපර්යාසයන්ගෙන් වන බලපෑම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ලොවට ආදර්ශයක්” බව ගරු පරිසර අමාත්‍යතුමන් පසුගිය නොවැම්බර් 04 වනදා ප්‍රකාශ කරනු ලැබීය.