admin

මට ගැහුවොත් මමත් ගහනවා. ඒ ගහන්නේ ගහපු විදිය හොයාගන්න බැරි වෙන්න. මට ගහන්න ඇවිත් 2014 උන දේ මතකනේ. ජනාධිපතිලාගේ වියදම් ගැන මගේ ධූරකාලෙ විතරක් නෙමෙයි ඊට කලින් හිටපු ජනාධිපතිලාගේත් හොයන්න. මේ ජනාධිපතිට සංචාර නැතිවුන හේතුව මොකක්ද කියලා කවුරුත් දන්නවා ඇතිනෙ. මගේ ධූර කාලේ මට විදෙස් රටවලින් ආරාධනා ආවා. මම වැය කලේ ජනාධිපති වැය ශීර්ෂය. කුණු අවුස්සගෙන යටට යනකොට කුණු ගඳ වැඩියි. ඒවා අවුස්සගන්නවා නම් අවුස්සගමු. මමත් ලෑස්තියි ඕන දේකට.

කවුරු කවුරුත් මතක තියාගන්න ඕන 2/3 තියෙන්නෙ තනි පක්ෂයක් නිසා නෙමෙයි. හවුල්කාර පක්ෂවල එකමුතුවක්. ඒ නිසා 2/3 ගැන කියවලා ඒකත් නැති කරගන්න එපා. හයවන විධායක ජනපති මෛත්‍රීපාල සිරිසේන2021/11/25 පාර්ලිමේන්තුවේදී…

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකල වියදම් සහ රටට ගෙන ආ ආධාර පිලිබඳව විශ්ලේෂණයක්.

ප්‍රජාතන්ත්‍රවාදී , මානව නිදහසට ගරු කරන රාජ්‍ය නායකයෙක් සිටින රටවලට විදෙස් ආධාර ලැබීමේ සම්භාවිතාව ඉහලයි. 2015 – 2019 මෛත්‍රී ජනාධිපතිතුමාගේ ධූර කාලය ජාත්‍යන්තරව සැලකුවේ මානව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින් තිබුන කාලසීමාවක් ලෙසට. ඒ නිසාම රටට ආයෝජන මෙන්ම ආධාර බහුල වශයෙන් ලැබුනා. ඒ වසර පහකට ආසන්න… Read More »මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකල වියදම් සහ රටට ගෙන ආ ආධාර පිලිබඳව විශ්ලේෂණයක්.

කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ(හැදෙන පරපුර) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ( වයඹ ලිය සවිය කාන්තා එකමුතුව) වෙනුවෙන් නව කාර්යාලයන් විවෘත කිරීම හා “නිදහස් තරුණයෝ” වෙබ් පිටුව එළි දැක්වීම ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ගරු ශ්‍රී.ල.නි.ප මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (21) දින හෙට්ටිපොළ පිහිටි ශ්‍රී.ල.නි.ප දිස්ත්‍රික් කාර්යාලයෙහි (මහගෙදර) දී සිදු විය.

“නිදහස් තරුණයෝ” සංවිධානය විසින් සිසු දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපන සේවා සැපයීමේ සමාජ මෙහෙවරක් කුරුණෑගල දිස්ත්‍රික්කය මූලික කරගනිමින් දිවයින පුරා ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත. ඒ වෙනුවෙන් වන ” නිදහස් තරුණයෝ”වෙබ් පිටුවද අද දින අන්තර්ජාලය තුළ එළිදක්වන ලදී.එම වෙබ් පිටුව මගින් තරුණ තරුණියන් සදහා… Read More »කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ(හැදෙන පරපුර) හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ( වයඹ ලිය සවිය කාන්තා එකමුතුව) වෙනුවෙන් නව කාර්යාලයන් විවෘත කිරීම හා “නිදහස් තරුණයෝ” වෙබ් පිටුව එළි දැක්වීම ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ ගරු ශ්‍රී.ල.නි.ප මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (21) දින හෙට්ටිපොළ පිහිටි ශ්‍රී.ල.නි.ප දිස්ත්‍රික් කාර්යාලයෙහි (මහගෙදර) දී සිදු විය.

වර්ග කිලෝමීටර් 4ක් පුරා විහිදී තිබෙන එප්පාවල පොස්පේට් නිධියේ වසර 100කට සරිලන තරමේ පොස්පේට් ටොන් මිලියන 25ක පමණ තොගයක් පවතින බව පරිසර අමාත්‍යංශයේ ගවේෂණ වාර්තාවල සඳහන් වේ. ශ්‍රී ලංකාව තුළ පොස්පේට් නිධි කිහිපයක් පැවතුන ද ආර්ථිකමය වශයෙන් වාසිදායක තත්වයක් පවතිනුයේ එප්පාවල පොස්පේට් නිධිය තුළ පමණි.

මෙම නිධියේ පොස්පේට් වලින් 85%ක් දැනට ටී. එස්. පී පොහොර වලට කලවම් කිරීම සඳහා යොදාගනු ලැබේ. කාබනික කෘෂිකර්මාන්තයේදී හොඳම පොස්පේට් පොහොර ලබාදීමට මෙම ස්වභාවික පොස්පේට් නිධිය යොදාගැනීම සඳහා පරිසර අමාත්‍යංශය මෙම ගවේෂණය සිදුකර තිබේ.

2016 මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මා කටයුතු කරන අවධියේදී මිලියන 32 කට ආසන්න මුදලක් (රු.32,000,000.00) යටතේ එම අමාත්‍යාංශ ප්‍රතිපාදන වලින් මීවිටිගම්මන, නාලිකේරාරාම විහාස්ථානයට ලබා දුන් පරිත්‍යාගයෙන් විහාරස්ථානයේ දාන ශාලාව සහ බහුකාර්ය ගොඩනැගිල්ල ඉදි කරන ලදී.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නායක හිමිපාණන් විසින් මෙම ගොඩනැගිල්ල (2021.11.14) වන දින විවෘත කරන අවස්ථාව සඳහා සහභාගී වූ අවස්ථාව.මෙහි දාන ශාලාව තුල ස්වාමීන් වහන්සේලා සියක් නමක් සඳහා දානය පිළිගැන්වීමටත්, 250 කට ආසන්න පිරිසක් සහභාගී කර ගත හැකි රැස්වීම්… Read More »2016 මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මා කටයුතු කරන අවධියේදී මිලියන 32 කට ආසන්න මුදලක් (රු.32,000,000.00) යටතේ එම අමාත්‍යාංශ ප්‍රතිපාදන වලින් මීවිටිගම්මන, නාලිකේරාරාම විහාස්ථානයට ලබා දුන් පරිත්‍යාගයෙන් විහාරස්ථානයේ දාන ශාලාව සහ බහුකාර්ය ගොඩනැගිල්ල ඉදි කරන ලදී.

2010 වර්ෂයේ සිට 2019 කාලය තුල රටට විශේෂ කාර්ය වාහන ලෙස වාහන 433 ක් ආනයනය කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ද්විත්‍යකාර්ය ලෙස ලියාපදිංචි කිරීම තුලින් රුපියල් බිලියන 1.5 කට ආසන්න මුදලක් (රු.1,515,500,000.00) රජයට අහිමිවීම පිළිබඳව විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත දන්වන ලදී.

ඒ අනුව අක්‍රමනිකතාවය සොයාබැලීම සඳහා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිතුමා විසින් මාගේ සභාපති ධුරයෙන් යුත් අනුකාරක සභාවක් පත් කල අතර එම සිදු වූ අක්‍රමණතාවය පිළිබඳව විගණකාධිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නියෝජනය කරන සියලුම නිලධාරීන් කැඳවා ඊයේ (11.15) දින… Read More »2010 වර්ෂයේ සිට 2019 කාලය තුල රටට විශේෂ කාර්ය වාහන ලෙස වාහන 433 ක් ආනයනය කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ද්විත්‍යකාර්ය ලෙස ලියාපදිංචි කිරීම තුලින් රුපියල් බිලියන 1.5 කට ආසන්න මුදලක් (රු.1,515,500,000.00) රජයට අහිමිවීම පිළිබඳව විගණකාධිපතිවරයා විසින් රාජ්‍ය ගිණුම් කාරක සභාව වෙත දන්වන ලදී.