admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධානය ගතානුගතික දේශපාලන මුහුනුවරෙන් බැහැරව, රට පත්ව ඇති අර්බුදකාරී වාතාවරනයෙන් ජාතියක් ලෙස නැගීසිටීමේ ජාතික අවශ්‍යතාව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් බිහිකිරිමේ ක්‍රියාවලිය සාක්ෂාත් කිරිම වෙනුවෙන් දිස්ත්‍රික් හා ආසන කළමනාකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙම අවස්ථාවට පක්ෂයේ උපසභාපති මහාචාර්ය රෝහන ලක්ෂ්මන්, නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර,දුමින්ද දිසානායක මැතිතුමන්ලා සහ ආරාධිත දේශනය සදහා ආචාර්ය ධම්ම දිසානායක මැතිතුමන්ලාගේ සහභාගීත්වයෙන් පැවැත්විය.

මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ නියෝජිත සම්මේලනය ඊයේ දින.

හයවන විධායක ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මැතිතුමා, හිටපු ප්‍රධාන අමාත්‍යශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක සරත් ඒකනායක මැතිතුමා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැතිතුමා… Read More »මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ නියෝජිත සම්මේලනය ඊයේ දින.

අපේ ආදරණීය පක්ෂය ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් විශේෂ නියෝජිත සම්මේලනය 12/12/2021 වන දින හයවන විධායක ජනාධිපති ග්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර , රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරැන් වන ප්‍රචාරක ලේකම් ශාන්ත බණ්ඩාර, දුෂ්මන්ත මිත්‍රපාල, සුරේන් රාඝවන් මැතිතුමන්ලා ඇතුළු කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ විශේෂ නියෝජිතයින් සහභාගී විය12/12/2021.

සමහරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පොඩියට පේනවා – දුමින්ද දිසානායක.

වර්තමාන ආණ්ඩුව නියෝජනය කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලනය කිරීමේ අයිතිය ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුර මිහින්තලය ප්‍රදේශයේ පැවති ආසන බල මණ්ඩල රැස්වීමකට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ. සමහරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පොඩියට පේනවා… Read More »සමහරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පොඩියට පේනවා – දුමින්ද දිසානායක.

“විදුලකරෙන් විදුලියට” දොරට වඩී.

ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකයේ නිර්මාතෘවරයා හා එහි හිටපු විමර්ශන කළමනාකාර රූබන් වික්‍රමආරච්චි මැතිතුමන් තම 36 වසරක අඛණ්ඩ සේවා දිවියෙහි සේවා අත්දැකීම් තුලින්, වත්මන් හා අනාගත පරම්පරාවන් වෙත අව්‍යාජ රාජ්‍ය සේවයක් සදහා පිටිවහලක් ලබාදෙන අරමුනින් රචිත “විදුලකරෙන් විදුලියට” ග්‍රන්ථය එලිදැක්වීම ඊයේ දින (2021/11/26) ශ්‍රී… Read More »“විදුලකරෙන් විදුලියට” දොරට වඩී.

“ජෛව ස්කන්ධ බලශක්තිය” පුනර්ජනනීය බලශක්ති ඉලක්කයට විශාල පිටිවහලක්.

ජීව බලශක්ති සංගමයේ වාර්ශික මහ සමුළුව ඊයේ දින (2021/11/26) සූර්ය බල, සුලං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විය. අනාදිමත් කාලයක සිට මානවයාගේ බලශක්ති අවශ්‍යතාව සැපයූවේ ජීව බලශක්තියයි. ෆොසිල ඉන්ධන සොයාගැනීමත් සමග බලශක්ති උත්පාදන මූලාශ්‍ර… Read More »“ජෛව ස්කන්ධ බලශක්තිය” පුනර්ජනනීය බලශක්ති ඉලක්කයට විශාල පිටිවහලක්.

බියගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ගරු නලීන් දිසානායක මහතා විසින් බියගම කොට්ඨාශ සංවිධායකවරුන් සහ බල මණ්ඩල නිළධාරීන් ඉලක්ක කොටගෙන සංවිධානය කරන ලද විශේෂ වැඩමුළුවක් අද දින එතුමාගේ නිවසේ පැවැත්වින.

එම වැඩසටහනේ විශේෂ දේශනයක් පැවැත්වීමට ලද ආරාධනාව පිළිගෙන ඒ සඳහා සහභාගී වෙමින්. සම්පත් අලහකෝන්කැලණිය ප්‍රධාන සංවිධායකශ්‍රී ලංකා නිදහස් පක්ෂයසහසභාපතිසම්පත් අලහකෝන් පදනම

ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ස්වාධීන පරීක්ෂණ ආයතනයක් වන Inter Tech ආයතනය ඇතුලු ගෑස් සමාගම් වන ලිට්රෝ ගෑස් සමාගම හා ලාෆ් ගෑස් සමාගම සමග අද (11.26) දින පැවති සාකච්ඡාව.

විශේෂයෙන්ම මේ දිනවල ඇති වූ ගෑස් මඟින් සිදුවන පිපිරීම් පිළිබඳව අද දෙවන වරටත් සාකච්ඡා කළ අතර මෙම පිපිරීම් සඳහා හේතුව වශයෙන් සිලින්ඩර පුපුරායාමක් නොවන බව රජයේ රස පරීක්ෂකවරයා විසින් ප්‍රකාශ කරන ලදී. මෙහිදී ගෑස් භාවිතා කිරීම සඳහා යොදාගන්නා උපාංගවල ගුණාත්මකභාවය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.… Read More »ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ස්වාධීන පරීක්ෂණ ආයතනයක් වන Inter Tech ආයතනය ඇතුලු ගෑස් සමාගම් වන ලිට්රෝ ගෑස් සමාගම හා ලාෆ් ගෑස් සමාගම සමග අද (11.26) දින පැවති සාකච්ඡාව.

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා රටට බොරු කියනවා මගේ නිල නිවසක් ගැන. හිටපු ජනාධිපති නිල නිවෙස් ගැන කතාකරනවා නම් තව ඉන්නවා නිල නිවාස තියෙන ජනාධිපතිවරු. ඒවා ගැනත් කතා කරන්න.

මේ ආණ්ඩුව අප්‍රසාදයට පත්කලේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා. එතුමා ජනාධිපතිට බොරු කියනවා, කැබිනට් එකට බොරු කියනවා, පාර්ලිමේන්තුවට බොරු කියනවා, රටට බොරු කියනවා. රට ඇතුලෙ දැනට තියෙන විශාල කෘෂිකර්ම ප්‍රශ්ණය නිර්මාණය කලේ එතුමා. එහෙම ඉඳගෙන අපට ඇඟිල්ල දික්කරන්න එන්න එපා. අපි අපේ තත්වයට ගැලපෙන විදියට කටයුතු කරමු.… Read More »මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා රටට බොරු කියනවා මගේ නිල නිවසක් ගැන. හිටපු ජනාධිපති නිල නිවෙස් ගැන කතාකරනවා නම් තව ඉන්නවා නිල නිවාස තියෙන ජනාධිපතිවරු. ඒවා ගැනත් කතා කරන්න.