මිනිස් ශිෂ්ඨාචාරයේ ශිෂ්ටත්වය කරා පැමිණි ගමනේදී, කෘෂිකර්මාන්තය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව නොරහසකි. වත්මනෙහි දක්නට ලැබෙන කාර්මික, තාක්ෂණික දියුණුව හා කෘෂිකර්මාන්තයට තිබෙන්නාවූ අභියෝග හමුවේ ගැමි ප්‍රජාව වෙනත් වෘත්තීන් වෙත ඇදී යමින් සිටින පසුබිමක වුවද, අතීත සම්ප්‍රදායන් සුරැකීමටත්, එය සැමරීමටත් නිමිති සපයන තෛපොංගල් උත්සවය මිනිස් සමාජයේ සංස්කෘතිය, සදාචාරය, මනුෂ්‍යත්වය, සමගිය හා සංහිඳියාව, බෙදා හදා ගැනීමට ඇති ලැදියාව මෙන්ම මිනිසා තුළ පවතින සත්ව කරුණාව වැනි ගුණාංග තව තවත් සමාජය තුළ තහවුරු කරලීමට මඟ සාදයි.
කෘෂිකර්මාන්තයට නිසි බුහුමන පුදන තෛපොංගල් උළෙල ශ්‍රී ලාංකික ගොවියන් අද සමරන්නේ අනේකවිධ දුක් ගැහැට කම්කටුලු විඳිමින් මිනිසුන් ජීවත් කරවීමට ආහාර සැපයීමට වෙර දරන කාලයකදීය.හින්දු ධර්මය අනුව දිවි ගෙවන දෙමළ ජනයා තෛපොංගල් සමය ඔවුන්ගේ නව වසරක උදාව ලෙසත්, නව අවස්ථා උදාකරන වසරේ ශුභාරම්භය ලෙසත් සලකති. එවන්… Read More »මිනිස් ශිෂ්ඨාචාරයේ ශිෂ්ටත්වය කරා පැමිණි ගමනේදී, කෘෂිකර්මාන්තය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බව නොරහසකි. වත්මනෙහි දක්නට ලැබෙන කාර්මික, තාක්ෂණික දියුණුව හා කෘෂිකර්මාන්තයට තිබෙන්නාවූ අභියෝග හමුවේ ගැමි ප්‍රජාව වෙනත් වෘත්තීන් වෙත ඇදී යමින් සිටින පසුබිමක වුවද, අතීත සම්ප්‍රදායන් සුරැකීමටත්, එය සැමරීමටත් නිමිති සපයන තෛපොංගල් උත්සවය මිනිස් සමාජයේ සංස්කෘතිය, සදාචාරය, මනුෂ්‍යත්වය, සමගිය හා සංහිඳියාව, බෙදා හදා ගැනීමට ඇති ලැදියාව මෙන්ම මිනිසා තුළ පවතින සත්ව කරුණාව වැනි ගුණාංග තව තවත් සමාජය තුළ තහවුරු කරලීමට මඟ සාදයි.