admin

දිවියෙන් සමුගත් සිය දියණියට පිං පිණිස අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුතා ඇති පවුල් 100 කට අත්‍යවශය ආහාර මලු බෙදා දීමට කොළඹ 05 ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්මියක වන විශාකා වීරකෝන් මහත්මිය ඊයේ (17) දුරුතු පොහෝ දින කටයුතු කළාය.

මීට දෙවසරකට පමණ ඉහතදී දිවියෙන් සමුගත් නදීරා විජේරත්න නම් දියණියට පිං පිණිස ඇයගේ මව වන කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්මියක වන විශාකා වීරකෝන් මහත්මිය‍ මෙම පිංකම සිදු කරනු ලැබුවාය.මෙම පිංකම සඳහා රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සම්බන්ධීකරණයෙන් අනුරාධපුර නොච්චියාගම අඹගහවැව ගල්කිරියාගම ගම්මානයේ , පලාගල කළුගල ගම්මානයේ… Read More »දිවියෙන් සමුගත් සිය දියණියට පිං පිණිස අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුතා ඇති පවුල් 100 කට අත්‍යවශය ආහාර මලු බෙදා දීමට කොළඹ 05 ප්‍රදේශයේ ව්‍යාපාරික මහත්මියක වන විශාකා වීරකෝන් මහත්මිය ඊයේ (17) දුරුතු පොහෝ දින කටයුතු කළාය.

රටටත් ජනතාවටත් සෙත්පතා නෙළුම්මල් 14000ක් පූජා කිරීම හා කප්රුක් වන්දනාවන් අද දින ඓතිහාසික රුවන්වැලි සෑරඳුන් අභියසදී මාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මේ අවස්ථාවේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් රටටත් ජනතාවටත් සෙත්පතා පිරිත් සජ්ජායනයක් සිදු කල අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුතින් පත් වූ දිස්ත්‍රික් සංවිධායකවරු ඇතුලු ගිහි පැවිදි විශාල පිරිසක් මෙම ආගමික වැඩසටහන සඳහා සම්බන්ධ විය.

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානය වන දොම්පේ, ශ්‍රී කළ්‍යාණ ධර්මාශ්‍රම අභිනව හිටි බුදුපිළිම වහන්සේගේ ධාතුන් වහන්සේලා සහ පූජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍ය මංගල්‍යය මාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර මෙම හිටි බුදුපිළිම වහන්සේ වෙත රන් පරිත්‍යාගයක්ද මා විසින් පූජා කෙරුණි.

මෙම අවස්ථාව සඳහා පූජ්‍ය බණ්ඩාරවෙල අමිතා නන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු ගරුතර ස්වාමීන් වහන්සේලා,රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, ශ්‍රී.ල.නි.ප ආසන සංවිධායකවරුන් වන උපාලි ගුණරත්න මැතිතුමා, අජිත් බස්නායක මැතිතුමා, සම්පත් අලහකෝන් මැතිතුමා ඇතුලු විහාරස්ථානයේ දායක පිංවතුන් සහ ප්‍රදේශවාසීන් සහභාගී විය.

சர்வதேச குத்துச்சண்டை போட்டியில் தங்கம் வென்ற முல்லைத்தீவு வீரமங்கை..!

பாகிஸ்தானில் இடம்பெற்ற சர்வதேச குத்துச்சண்டை போட்டியில் இலங்கை சார்பில் பங்குகொண்ட முல்லைத்தீவு யுவதியான கணேஷ் இந்துகாதேவி தங்கப்பதக்கம் வென்று சாதனை படைத்துள்ளார்.தந்தையை இழந்த நிலையில் தாயின் அரவணைப்பில் வாழ்ந்துவரும் இவர் தனது திறமைமீது கொண்ட நம்பிக்கையை உரமாக்கி இன்று இச்சாதனையை படைத்து நாட்டுக்கும் முல்லைத்தீவு மண்ணுக்கும் பெருமை சேர்த்துள்ளார்.பாகிஸ்தான் லாகூரில் இடம்பெற்ற சர்வதேச குத்துச்சண்டை போட்டியில், 25வயதுக்குட்பட்ட 50_55 கிலோகிராம் எடைப்பிரிவுப் போட்டியில்… Read More »சர்வதேச குத்துச்சண்டை போட்டியில் தங்கம் வென்ற முல்லைத்தீவு வீரமங்கை..!

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පන් හා තල් කොළ ආශ්‍රයෙන් නිර්මාණයන් සිදු කරන කුණුරාගම ගම්මානයේ කර්මාන්තකරුවන් නගා සිටුවීම වෙනුවෙන් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීමෙන් ආධාර උපකාර රැසක් ලබා දීම සිදු කෙරිණි.

එහිදී අදාළ කර්මාන්තකරුවන්ගේ ඉල්ලීම මත පන් හා තල් කොළ ආශ්‍රිත නිර්මාණ සිදු කිරීමට අවශ්‍යය වැඩ මඩුවක් සකස් කර ගැනීම සඳහා සිමෙන්ති, ගල්,වැලි හා ඇස්බැස්ටෝ ෂීට් මෙන්ම මූල්‍ය ආධාරයන්ද, පන් ආශ්‍රිත නිෂ්පාදනය සිදු කිරීම සඳහා අවශ්‍යය වන පන් බෑග් අච්චු ලබා දීම, පන් වර්ග ගැන්වීම සඳහා… Read More »අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පන් හා තල් කොළ ආශ්‍රයෙන් නිර්මාණයන් සිදු කරන කුණුරාගම ගම්මානයේ කර්මාන්තකරුවන් නගා සිටුවීම වෙනුවෙන් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ මැදිහත් වීමෙන් ආධාර උපකාර රැසක් ලබා දීම සිදු කෙරිණි.

මොරගොල්ල හා බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘති ද්විත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, එහි ඉදිරි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධව ඊට අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමේ රැස්වීමක් අද දින මාගේ ප්‍රධානත්වයෙන් සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.

එම අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට බලපා ඇති ගැටළු මොනවාද යන්න හඳුනා ගනිමින්, එම බාධා මගහැර කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අදාළ නිලධාරීන් දැනුවත් කිරීම මෙහි දී සිදු කළෙමි.එමෙන්ම ව්‍යාපෘති සඳහා අවශ්‍ය උපකරණ හා භාණ්ඩ ගෙන්වීම කොවිඩ් – 19 වසංගතය හමුවේ ප්‍රමාද වී ඇති පසුබිමක අදාළ… Read More »මොරගොල්ල හා බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘති ද්විත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, එහි ඉදිරි ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධව ඊට අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමේ රැස්වීමක් අද දින මාගේ ප්‍රධානත්වයෙන් සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණ.

බෙන්තර ප්‍රාදේශීය සභා මන්ත්‍රී විද්‍යාවේදී උපාධිධාරී, දේශබන්දු දහම්ආචාර්‍ය එච්.ඩී ඩිලාන් මධුරංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමග එක්වෙයි….

බෙන්තර ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂය සමග සම්බන්ධ මන්ත්‍රීවරයකු ලෙසට කටයුතු කලද, ප්‍රදේශයේ පවතින ගැටළු පිලිබදව සංවේදී වෙමින් ප්‍රාදේශීය සභාව තුල පොදු ජනතාව වෙනුවෙන් හඩක් නැගූ තරුණ උපාධිධාරී මන්ත්‍රීවරයකු වූ ඔහු අද උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති 6 වන විධායක ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ශ්‍රී.ල.නි.ප… Read More »බෙන්තර ප්‍රාදේශීය සභා මන්ත්‍රී විද්‍යාවේදී උපාධිධාරී, දේශබන්දු දහම්ආචාර්‍ය එච්.ඩී ඩිලාන් මධුරංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමග එක්වෙයි….

එක් දිනක්තුල අම්බලන්ගොඩ ආසනය පුරා පැවැත්වූ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන ලෙස බටපොල අංක 1 බලමණ්ඩලයේ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන බටපොල පොල්ලැව්ව ඩෙල්ටා කඩය අසල යූ.ඩබ්. සරත්චන්ද්‍ර මහතාගේ නිවසේදී පැවැත්වූ අවස්ථාව ..

එම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකතුමන්ලා, දිස්ත්‍රික් සංවිධායකතුමන්ලා ඇතුළු පක්ෂයේ අනුබද්ධ සංවිධාන නිලධාරි සහ පක්ෂයේ ක්‍රියාකාරින් පිරිසක් සහභාගි වූහ … මහ ගෙදර ඔබට යලිත් විවෘතයි. යන තේමාවෙන් ඇරඹී මෙම වැඩසටහන් මාලාව , වසර 70ක් පුරා අප මව්බිමට අනුපමේය සේවාවක් ඉටුකල ශ්‍රී… Read More »එක් දිනක්තුල අම්බලන්ගොඩ ආසනය පුරා පැවැත්වූ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහන ලෙස බටපොල අංක 1 බලමණ්ඩලයේ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන බටපොල පොල්ලැව්ව ඩෙල්ටා කඩය අසල යූ.ඩබ්. සරත්චන්ද්‍ර මහතාගේ නිවසේදී පැවැත්වූ අවස්ථාව ..

අම්බලන්ගොඩ හා ගෝනපිනුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල උපාධිධාරී අභ්‍යාසලාභීන් හට සංවර්ධන නිලධාරින් ලෙස ස්ථීර පත්වීමේ ලිපි ලබාදීම පසුගියදා එම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවලදී මාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි…

එම අවස්ථාවන් සදහා අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිතුමන් හා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු දේශපාලන අධිකාරිය මෙන්ම එම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලවල ප්‍රාදේශීය ලේකම්තුමියන්ලා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි වූහ ….

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය අර්බුදයකද ? යන මාතෘකාව පදනම් කර ගත් නිදහස් වෘත්තීයවේදීන් විසින් සිදුකළ මතවාදී කතිකාවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හයවන විධායක ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.01.13 වන දින මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විය.

කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝම සෝමදේව මහතා,රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා,සිංහල සංගේදම බුද්ධි මණ්ඩල සභික ආචාර්ය චමිල ලියනගේ මහතා ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක් විසින් මෙම වැඩසටහන මෙහෙයවීය.