admin
සර්ව පාක්ෂික සමුළුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) ජනාධිපති මන්දිරයේදී පැවැත්විය.
වත්මන් ආර්ථික ගැටලුවට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබා ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුව කැඳවනු ලැබී ය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය,මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විඩුතාලෙයි පුලිකල්, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,… Read More »සර්ව පාක්ෂික සමුළුව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) ජනාධිපති මන්දිරයේදී පැවැත්විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලක ලේකම් වරයෙකු ලෙසින් පක්ෂයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ එස්.එච් ආරියසේන මහතාගේ අභාවය සම්බන්ධයෙන් මා ඉතා කණගාටුවට පත් වෙමි.
එස්.එච්.ආරියසේන මහතාගේ පවුලේ සැමටත්,නෑදෑ හිතමිතුරන්ටත් මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමි. – දයාසිරි ජයසේකර –
“මිහිකතට කන්දෙමු” භූ කම්පන සහ භූ සම්පත් පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.03.13 දින අම්බලන්තොට කමත උත්සව ශාලාවේදී පැවැත්විණි.
පරිසර අමාත්‍යංශයත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයත් එක්ව මෙය සංවිධානය කෙරිණි.මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශකර සිටියේ “මේ හම්බන්තොට මාධ්‍යවේදීන් පරිසරයට ආදරය කරන පිරිසක් ඒ පරිසරය රැක ගන්න ගිහින් තර්ජනද ඔවුන්ට එල්ල වෙලත් තියෙනවා.මං ඒ මාධ්‍යවේදීන් භය නැතිව වාර්තා කටයුතු සිදු කරන්න.හරි… Read More »“මිහිකතට කන්දෙමු” භූ කම්පන සහ භූ සම්පත් පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය පරිසර අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2022.03.13 දින අම්බලන්තොට කමත උත්සව ශාලාවේදී පැවැත්විණි.
අම්බලන්තොට උඩ බැරගම “ගාමිණි මාතා” ක්‍රීඩා සමාජය විසින් 10වන වරටත් සංවිධානය කරන වොලි බෝල් තරගාවලිය පසුගිය 12 දින උඩ බැරගම ගාමිණි මාතා ක්‍රීඩා පිටියෙදී ආරම්භ විය. එහි සමාරම්භක අවස්ථාව සඳහා ගරු පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන් සහභාගී විය.
ගමේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කෞශල්‍යය සහ දක්ෂතා වැඩි දියුණු කිරීම සහ දිරිගැන්වීම වෙනුවෙන් මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීම පිළිබඳව ඔවුන්ට ස්තූතිවන්ත වෙමි.
අම්පාර දිස්ත්‍රික්කයේ වැලි කැණීම් කරුවන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා සංවිධානය කල හමුවක් ඊයේ (11) දින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අම්පාර රන්දිම උත්සව ශාලාවේදී පැවැත්විය.
මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් හේවගේ මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙලෙහි බදුල්ල දිස්ත්‍රික් මහා සමුළුව 2022.03.12 දින පක්ෂ සභාපති හයවන විධායක ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිළධාරීන්,ආසන සංවිධායකවරුන්,දිස්ත්‍රික් සංවිධායකවරුන් ඇතුලු පක්ෂයේ සාමාජික සාමාජිකාවන් රැසක් එක් වී සිටියහ. – මාධ්‍ය අංශය –
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙලෙහි කොළඹ දිස්ත්‍රික් මහා සමුළුව 2022.03.10 දින පක්ෂ සභාපති හයවන විධායක ජනපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිළධාරීන්,ආසන සංවිධායකවරුන්,දිස්ත්‍රික් සංවිධායකවරුන් ඇතුලු පක්ෂයේ සාමාජික සාමාජිකාවන් රැසක් එක් වී සිටියහ. – මාධ්‍ය අංශය –
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කළ කරුණු 15ක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර,… Read More »ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර හමුවක් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
International women day at SLFI
International women’s Day at srilanka foundation institute Colombo 07.