මෛත්රීමපාල සිරිසේන මැතිතුමා සාමය සඳහා වන ජාත්යින්තර සමුලු කවුන්සිලයේ සභාපති ධූරයට….

කාම්බෝජයේ, පෙනෝම් පෙන් අගනුවර, 2023 ජුලි මස 21 සිට 25 දක්වා පැවැත්වුනු විශ්ව සාම සම්මේලනයට අනුබද්ධ ජාත්ය න්තර නායකත්ව සමුළුවේදී ශ්රී2 ලංකා ප්රනජාතාන්ත්රිනක සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපති, ශ්රීS ලංකා නිදහස් පක්ෂයේ ගරු සභාපති මෛත්රී්පාල සිරිසේන මැතිතුමා වෙත සාමය සඳහා වන ජාත්යේන්තර සමුළු කවුන්සිලයේ සභාපතිධූරය පිරිණමන ලදි.ලෝක සාමය උදෙසා 1987 වසරේදී දකුණු කොරියාවේ ආරම්භ කරනු ලැබූ ලෝක සාම සම්මේලන කවුන්සිලය, 2019දී පැවැත්වුණු ලෝක සාම සමුලුවෙන් පසු ජාත්යූන්තර සාමය සඳහා වන සමුළු කවුන්සිලය ලෙස ප්ර කාශයට පත් කෙරුනු අතර එහි ප්රතධාන අරමුණු ලෙස ප්ර ජාතන්ත්ර වාදය, තිරසාර මානව සංවර්ධනය, ආරක්ෂාව හා සාමය හඳුනා ගැණිනි. ලොව පුරා රටවල් 110ක පමණ රාජ්යා නායකයන්, පාර්ලිමේන්තු මන්ත්රීලවරුන්, විද්වතුන් හා පර්යේෂකයන්, සමාජ ක්රිුයාකාරීන්, ජනමාධ්යේවේදීන් මෙම සම්මේලනයේ සාමාජිකත්වය දරති. විශ්ව සාම සම්මේලනය මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආර්ථික සමාජ හා සංස්කෘතික කවුන්සිලය හා සම තත්ත්වයේ ලා සැලකෙන සංවිධානයකි. එහි මූළස්ථානය දකුණු කොරියාවේ සියොල් නුවර පිහිටා ඇති අතර එහි ජාත්යයන්තර ලේකම් කාර්යාලය එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇත.මෛත්රී පාල සිරිසේන මැතිතුමා වෙත ජාත්යතන්තර සාම සමුළු කවුන්සිලයේ සභාපතිධූරය පිරිනැමුනු අවස්ථාවට රටවල් 50ක පමණ ලෝක නායකයන්, පාර්ලිමේන්තු මන්ත්රීුවරුන්, ඇතුළු විශේෂ නියෝජිතවරුන් සහභාගිවී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *