මාධ්‍ය නිවේදනය

2015 සිට 2019 යහපාලන කාලය තුළදී දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අය යැයි සඳහන් කරමින් රාජ්‍ය නිලධාරින් සහ ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙකුට රුපියල් කෝටි ගණනක් වන්දි ගෙවීම සඳහා වත්මන් රජය සූදානමක් ඇති බවට විවිධ මාධ්‍ය තොරතුරු වාර්තාකර තිබේ.

අදාළ වන්දි ගෙවීමට නිර්දේශ වී තිබෙන නාමලේඛනය පරිශීලනය කිරීමේදී පැහැදිලි වන්නේ බොහෝ පිරිසකගේ නම් අධිකරණමය ක්‍රියාමාර්ග මත ගන්නා ලද තීරණ මිස එය හුදු දේශපාලන පළිගැනීම් ලෙස හුවා දැක්වීම සුදුසු නොවන බවයි.

එබැවින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පැහැදිලිවම රටේ ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක මෙවැනි ආකාරයක තෝරාගත් විශේෂිත පිරිසක් වෙනුවෙන් රුපියල් කෝටි ගණනක වන්දි මුදල් ගෙවීමට රජය කටයුතු කරන්නේ නම්, ඒ සඳහා අපගේ විරෝධය සහ අසතුට මේ මොහොතේ රජයට ප්‍රකාශ කරමු. මේ අවස්ථාවේ රජයේ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ ජනතාවත්, රටත් ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට සියලු ශක්තිය යෙදවීම මිස ජනතාවගේ මුදල් මෙලෙස කාබාසිනියා කිරීම නොවේ.

මෛත්‍රීපාල සිරිසේන
සභාපති – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *