මාධ්‍ය නිවේදනය

විශ්ව සාම සංවිධානය මෙහෙයවනු ලබන රටවල් 28 ක් නියොජනය කරමින් පැමිණෙන රාජ්‍ය නායකයන් සහ පාර්ලිමේන්තු නියෝජිතයන් සහභාගීවන “ජාත්‍යන්තර නායකත්ව සමුළුව 2022” සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරු ගුවන් සමාගමට අයත් QS 469 ගුවන් යානයෙන් අද දින(29) පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත් විය.

පුරා දින දෙකක් (30/31) ජාත්‍යන්තර නායකත්ව සමුළුව පැවැත්වෙන අතර, ප්‍රධාන වශයෙන් මෙවර තේමාව වී ඇත්තේ “කොරියානු අර්ධද්වීපය ඒකාබද්ධ කිරීම උදෙසා සාම ක්‍රියාවලියට සංකෘතිකමය අඩිතාලමක් යෙදීමයි” වැදගත්ම රටවල් රැසක් සහභාගි වන මෙම සමුළුවේ සමාරම්භක ප්‍රධාන ආරාධිත දේශනය කිරීමට ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා හට හිමි වීම ශ්‍රී ලංකාවට හිමි වූ සුවිශේෂිත අවස්ථාවක් ලෙස සැලකිය යුතුවේ.

ලෝකයේ වැදගත් රාජ්‍ය නායකයන් සහභාගීවන මෙම ජාත්‍යන්තර සමුළුවේදී විදේශ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු මුණගැසීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලාපොරොත්තු වේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය උදෙසා විදේශ රටවලින් ලබාගත හැකි සහාය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කිරීමට මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා බලාපොරොත්තු වේ.

හයවන විධායක ජනාධිපති මාධ්‍ය ඒකකය 2022 ජූලි මස 28 වන දින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *