මාධ්‍ය නිවේදනයයි.

පක්ෂයේ 72 වැනි සංවත්සරය 03 වැනිදා කොළඹදී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය 72 වැනි සංවත්සරය සැප්තැම්බර් මස 02 වැනි දිනට යෙදී ඇත. 72 වැනි සංවත්සරය අභිමානවත් ලෙස, “එක්වෙමු – වෙනසකට සැරසෙමු” තේමා පාඨය මුල්කරගනිමින් 03 වන දින සවස් භාගයේ කොළඹ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලාංකික දේශපාලනය උඩුයටිකුරුව විෂමවූ සමාජ ආර්ථික දේශපාලන ගැටලු රැසක් ඉදිරිපිට ජිවත්වන අප සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාව නැවත වරක් සාම්ප්‍රදායික දේශපාලන මුහුණුවරින් අමතන්නට නොහැකි අවස්ථාවක අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය සියලුදෙනා එක් කරගනිමින් ජනතාව බලාපොරොත්තු වන වෙනස ගොඩනැගීම සඳහා යම් ප්‍රවේශයක් ගැනීමට උත්සාහ දරන්නෙමු.

ගතවූ වසර 72 තුළ රටට උරුම කරදී ඇති සමාජ, දේශපාලන, ආර්ථික වටිනාකම් බහුතරයක් ගොඩනගා ඇත්තේ සැලසුම් කර ඇත්තේ, සමාජගත කර ඇත්තේ, එමෙන්ම නීතිගත කරමින් එය පුරවැසියාගේ අයිතිවාසිකමක් බවට පත්කර ඇත්තේ අප පක්ෂයයි. 1950 දශකය තුළ රට මුහුණ දුන් සමාජ දේශපාලන ආර්ථික අර්බුදයට සමාන අර්බුදයක් වර්තමානයේ ද අප ඉදිරියේ ඇති බව සත්‍යයි. මේ සඳහා බටහිර ගැති ලිබරල් දේශපාලනය හෝ අන්තවාදී වාමාංශික දේශපාලනය වෙනුවට රට තුළ ප්‍රායෝගිකව ජනිත කළ හැකි දේශපාලන බලවේගය හා ප්‍රතිපත්තිමය ධාරාව වන්නේ අප පක්ෂයේ චින්තනයයි.

එවැනි චින්තනයක් සහිත ගැඹුරු දේශපාලන කඳවුරක් ලෙස අප මුහුණ දී ඇති අභ්‍යන්තර දේශපාලන අර්බුදය ද සියලුදෙනා වටහාගත යුතු මොහොතක් ලෙස මෙය සිහිපත් කළ යුතුය. ගෙවුණු වසර 72 තුළ පක්ෂයට දරදිය අදිමින් පක්ෂය වෙනුවෙන් කටයුතු කළ සහ පක්ෂයෙන් බොහෝ දැ ප්‍රතිලාභ ලෙස ලබාගත් සියලුදෙනා එක්ව රටේ පොදු අරමුණට දායක වන ලෙස නැවතත් සිහිපත් කරමින් මේ සඳහා සියලුදෙනාගේ සහයෝගය සහ දායකත්වය, මෙන්ම උපදේශකත්වය පක්ෂයට ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු.

නීතිඥ දයාසිරි ජයසේකර
ප්‍රධාන ලේකම්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *