කාම්බෝජයේ පැවැත්වෙන ලෝක නායකත්ව සමුළුවට සහභාගී වී සිටින හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (23) නේපාලයේ හිටපු අගමැති කේපී ෂර්මා ඔලී මහතා හමුවිය.

ශ්‍රී ලංකා – නේපාල මිත්‍රත්වය පිළිබඳවත් දෙරට අතර පවතින සහයෝගීතාවය ඉහල නංවා ගැනීමටත් එහිදී සාකච්ඡා කළේය.

දෙරට අතර ආර්ථික, සාමාජයීය සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කර ගනිමින් සමීප සබඳතාවයක් පවත්වා ගැනීමත් වර්තමානයේ මුහුණ දී තිබෙන ආර්ථික කරුණු පිළිබඳවත් එහිදී නේපාලයේ හිටපු අගමැති කේපී ෂර්මා ඔලී මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

ලෝක සාම සමුළුවේ ආරාධනය පරිදි හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලෝක නායකත්ව සමුළුවට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *