ආණ්ඩුව විසින් ලබා දුන් බහුකාර්ය පත්වීම් නිසා අසාධාරණයට පත් වූ පළාත් සභාවල සහ මධ්‍යම ආණ්ඩුවේ සනීපාරක්ෂක කම්කරු, පාසල් කාර්ය සහායක, පාසල් මුරකරු ආදී සියලුම ක්ෂේත්‍රවල අය සමග විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විය.

මේ වන විටත් පළාත් පාලන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට මා මේ පිළිබඳව අවශ්‍ය කරුණු සහිතව ප්‍රශ්නයක් යොමු කර තියෙනවා. දැනට අද දැන ගන්නට තිබුණු හැටියට කෝප් කමිටුවෙ අපි මේ පිළිබඳව සාකච්ඡා කළා.

ඒ අනුව පාසල් කාර්ය සහායක කියන තනතුර දැනට ඔවුන් යෝජනා කරනව. ඊට අමතරව බහුකාර්ය සේවයේ ඉන්න සියලු දෙනාට බහුකාර්ය සේවක කියන තනතුර යොදන්න සියලු දෙනාගේ ඉල්ලීමක් තියෙනවා. අපි බලන්නෙ පුළුවන් තරම් ඉක්මනින් මේ සම්බන්ධව කටයුතු කරන්න. විශේෂයෙන් සනීපාරක්ෂක කම්කරු කියන තනතුර වෙනුවට නමක් ආදේශ කිරීම සම්බන්ධව ඒ ඒ ආණ්ඩුකාරවරුන් සමග සාකච්ඡා කළා.

මං එදා බස්නාහිර පළාත් සභාවෙ ආණ්ඩුකාරතුමාටත් දුරකථනයෙන් කථා කළා. මේ සම්බන්ධව මං වයඹ පළාතේ ආණ්ඩුකාරතුමා එක්කත් සාකච්ඡා කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධව පොදු තීරණයක් ගත යුත්තේ පළාත් පාලන පාලන අමාත්‍යාංශය හරහා.

ඒ අනුව අපි ඉදිරියේ දී ඉතාමත් ඉක්මනින් මේ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු ටික කරල මේ අයට අත් වෙලා තියෙන අසාධාරණය විසඳාලීම සඳහා අප කටයුතු කරනවා.

#DAYASIRIJAYASEKARA#SLFP

Leave a Reply

Your email address will not be published. Required fields are marked *