Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින 20 වන වියෙ සිටින සදනි කුමාරසිංහ දියණිය ඊයේ සන්ධ්‍යාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාව

Dear moon ව්‍යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට අපේක්ෂාවෙන් සිටින 20 වන වියෙ සිටින සදනි කුමාරසිංහ දියණිය ඊයේ සන්ධ්‍යාවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වී තිබෙනවා.රටවල් 249 අතරෙන් යදුම් පත්‍ර මිලියනයකින් මේ වන විට දාහත් දෙනකු තෝරාගෙන තිබෙනවා. ඒ අතරෙන් 08 දෙනෙකුට මෙම සුවිශේෂිත අවස්ථාව හිමි වී තිබෙනවා. සඳ වෙත මෙම කණ්ඩායම 2023 රැගෙන යාමට ජපානය බලාපොරොත්තු වෙනවා. මේ අනුව වයස අවුරුදු 20ක් වන සඳලි සහ බොහෝ දෙනාගේ අවධානයට දිනාගත් ඇමරිකාවේ අලෙස්සා නිකොලා(20) ද තේරී පත්වී තිබෙන අනෙක් ලාබාලම තරුණියයි.2019 වර්ෂයේදී සදනි දියණියහට ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්‍යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් හිමි එම පාඨමාලාව හැදෑරීමට තමන්ට තිබෙන අපහසුතා සඳහන් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයා සඳනි හට උදව් උපකාර කර තිබෙනවා ඒ අනුව හිටපු ජනාධිපතිතුමා හමුවී මා මෙය ලබා තිබෙන ජයග්‍රහනය එතුමාට සඳහන් කරන්න සන්ධ්‍යාවේ දී හමුවී තිබෙනවා. කෙසේ හෝ සඳ තරණය කිරීමේ භාග්‍යය උදාකර ගෙන රටට ගෞරවයක් සහ කීර්තියක් ගෙන දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා සඳුනි දියණියට සුභ පැතුම් එක් කළ අතර හැකි සෑම ආකාරයකම එම කාර්යය සඳහා තමන් උදව් කරන බව මෙහිදී සඳහන් කළ සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *