එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට (ඔක්තෝම්බර් 31) සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වේ. “දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් සහභාගී වන අතර එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.
COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගීවීම සඳහා අතිගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අමාත්‍ය ජී එල් පීරිස් හා අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්සත් රාජධානිය බලා පිටත්ව ඇත. එම පිරිස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය විසින් පිළිගනු ලැබිණි.
- by admin