2015 ජනාධිපතිවරණයේදී පලමු වතාවට නැවුම් දර්ශනයක් ලබා දෙමින් ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් පෝස්ටර්, බැනර් ,කටවුට් සදහා මුදල් වියදම් නොකර ඒ වෙනුවෙන් ලබා දෙන සියලු මුදල් යොදාගනිමින් වකුගඩු රෝග අරමුදල පිහිටුවන ලදී.
අනුරාධපුර නගරයේ කිසිදු රජයේ අරමුදලකින් තොරව රුපියල් මිලියන 437 වැයකොටු ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ඉදිකරන ලද අනුරාධපුර “මෙත්සිරි සෙවණ” වකුගඩු රෝගී සහන සත්කාර, සුබසාධන හා පර්යේෂණ මධ්‍යස්ථානය කොරෝනා රෝගීන් වෙනුවෙන් අද විශාලතම දැඩිසත්කාර ඒකකය බවට පරිවර්තනය කර ඇත. අසරණ ජනතාව වෙනුවෙන් ඕනෑම මොහොතක මෙවැනි දේ ප්‍රයෝජනයට ගැනීම කාලෝචිත ක්‍රියාවක් ලෙස විශ්වාස කරන්නෙමු.
එදා මැතිවරණයේදී පෝස්ටර්, කටවුට්, බැනර් සඳහා ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත මුදල් පරිත්‍යාග කළ සියලු දෙනාටම මෙම උතුම් කාර්යය කොටස්කරුවෝ වන්නේය. එම සියලු දෙනාටම මෙම ගෞරවය හිමිවිය යුතුය.