වයින පුරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන බලමණ්ඩල පැවැත්වීමේ වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ආසනයේ ඇළහැර කොට්ඨාශයේ ආසන බලමණ්ඩලය පිහිටුවීම, මින්නේරිය ආසනයේ හිඟුරක්ගොඩ කොට්ඨාශයේ ආසන බලමණ්ඩලය පිහිටුවීම හා පොළොන්නරුව නැගෙනහිර කොට්ටාශයේ ආසන බලමණ්ඩලය පිහිටුවීම පසුගිය දින කිහිපයේදී සිදු කෙරිණි.

මෙම ආසන බලමණ්ඩල සාර්ථකව සංවිධානය කෙරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මින්නේරිය ආසනයේ, ඇළහැර කොට්ඨාශයේ සංවිධායක ගිහාන් කාවින්ද මහතාට, මින්නේරිය ආසනයේ හිඟුරක්ගොඩ කොට්ඨාශයේ ආසන සංවිධායක ඩී.ආර්.උඩවත්ත මහතාට හා පොළොන්නරුව නැගෙනහිර ආසනයේ ආසන සංවිධායක පුෂ්පකුමාර රණසිංහ මහතාට මාගේ විශේෂ ස්තුතිය පුද කරන අතර, මෙම ආසන බලමණ්ඩලය සඳහා සහභාගී වූ පොළොන්නරුව දිස්ත්‍රික් සියලුම ප්‍රගතිශීලී ජනතාවට ද මාගේ හෘදයාංගම ස්තුතිය පුද කරමි.

එමෙන්ම මෙම වැඩසටහන සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මැතිතුමා ඇතුලු පක්ෂය නියෝජනය කරමින් සහභාගී වූ සියලු දෙනාටම මාගේ විශේෂ ස්තුතිය පළ කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *