2017 වර්ෂයේ ඉන්දියාවේ දී පැවැති බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවට මා සහභාගි වූ අවස්ථාවේ මියන්මාර රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකා, මියන්මාර් විදේශ කටයුතු ඇමතිනි අවුන්සාන් සුකී මහත්මියගෙන් කරන ලද ඉල්ලීමක් අනුව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඇත් පැටවා අද දින වන විට උස් මහත් වී ඓතිහාසික පොළොන්නරු දළදා පෙරහැරේ දළදා කරඬුව වැඩමවීමට තරම් භාග්‍යවන්ත වී ඇත.

දැනට ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය අයත් වයස අවුරුදු 30 ක් පමණ වන මෙම හස්ති රාජයා1993 මාර්තු 4 වැනි දින මියන්මාරයේදී දකුණු බාගෝ ප්‍රදේශයෙන් අල්ලා ගෙන ඇති අතර මියන්මාරයේදී ‘පාන් ස්වේ මවුන්ග්’ නමින් නම් ලබා තිබූ මෙම හස්ති රාජයා ‍ලංකාවට පරිත්‍යාග කිරීමෙන් පසු ‘පුලතිසි රාජා’ නමින් නම් තැබිම සිදු කෙරිණි.

අද දින පොළොන්නරුව නගරය පුරා තේජාන්විත ලීලාවෙන් දළදා කරඬුව වඩම්වාගෙන යනු ලබන ‘පුලතිසි රාජා’ හස්ති රාජයා දැකීමෙන් මා ලබන්නේ අපරමිත සතුටකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *