1947 දී බ්‍රිතාන්‍ය රාජාණ්ඩුව විසින් ලංකා ස්වාධීනතා රාජාඥාව නිකුත් කරමින් 1948 පෙබරවාරි 04 දා සිට ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් කරන ලදී. මෙම නිදහස් පනත හෙවත් රාජාඥාව ලංකා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමත් සමග නීතිගත විය. ඒ අනුව 1815 දී බ්‍රිතාන්‍යයන් හට ගිවිසුමකින් පවරා දුන් මාතෘ භූමිය 1948 පෙබරවාරි 04 වැනිදා නිදහස් අසිරියෙන් ආලෝකමත් විය. මාතෘ භූමියේ අසිරියත්, ශ්‍රී විභූතියත් නිදහසේ රැව්පිළිරැව් දෙන්නට විය.
අද සැමරෙන්නේ අදින් වසර 75කට පෙර ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවුණු ඒ වාසනාවන්ත දවසයි.