ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ සහ අග්‍රාමාත්‍ය ගරු එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 124 වන ජන්ම දින සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී ජනවාරි මස 8 වන දින සැමරුමක් සුදානම් කර ඇත. මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරදිතයින් වශයෙන් ගරු වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේඛම් නිතිඥ දයසිරි ජයසේකර මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දිස්ත්‍රික් සංවිධායක වරු, සියලුම ආසන සංවිධායක වරු , සියලුම පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු මන්ට්‍ත්‍රීවරුන් සහ හිටපු මැති ඇමතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම ජන්ම දින සැමරුම සදහා සභාගි වීමට නියමිතයි.
එමෙන්ම ලංකාව පුරා විසිරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ද මෙම සැමරුම සදහා ආරාධන ලබා සිටිනවා.