විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත්, පාරිභෝගික අධිකාරියත් හා එක්ව නියාමනයක් සිදුකොට පාරිභෝගිකයා ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡාව

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත්, පාරිභෝගික අධිකාරියත් හා එක්ව නියාමනයක් සිදුකොට පාරිභෝගිකයා ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡාව ගරු ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙරටට අනයනය කරනු ලබන ජංගම දුරකථනවල ගුණාත්මකභවය සහ ජංගම දුරකථන ගාස්තු, Data, SMS මෙන්ම විවිධ පැකේජවලට අයකරනු ලබන ගාස්තු පිළිබඳව වර්තමානයේ නිසි නියාමනයක් සිදු නොවීම නිසා පාරිභෝගිකයින්ට (විශේෂයෙන්ම මෙම දිනවල Online මඟින් අධ්‍යාපන කටයුතු සිදුකරන පාසල් දරුවන්, විශ්ව විද්‍යාල දරුවන් සහ අනෙකුත් පාඨමාලා හදාරණ දරුවන්ගේ දෙමාපියන්ට අධික මිල ගණන් ගෙවීම පිළිබඳව පාරිභෝගික අධිකාරියට පැමිණිලි රාශියක් ලැබී ඇත.) අසධාරණකම් රැසක් සිදුවන බව පාරිභෝගික අධිකාරිය වෙත ලැබෙන පැමිණිලිවලින් අනාවරණය වී ඇත.
ඒ අනූව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත් පාරිභෝගික අධිකාරියත් එක්ව ආනයනය කරනු ලබන ජංගම දුරකථනවල ගුණාත්මකභාවය සහ ජංගම දුරකථන ඇමතුම් ගාස්තු සහ අනෙකුත් සියලුම ගාස්තු පිළිබඳව මෙම ආයතන දෙක එක්ව ගාස්තු ප්‍රතිපත්තියක් සහ දැනට වඩා නියාමනයක් සිදුකොට පාරිභෝගිකයා ආරක්ෂා කිරීම පිළිබඳව පසුගිය සතියේ සාකච්ඡාවක් පවත්වා මේ පිළිබඳව කටයුතු කිරීමට එකඟ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *