බතික් පුහුණු මධ්‍යස්ථාන 200 වැඩසටහන යටතේ පොළොන්නරුවේ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නව පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීම

බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය මගින් දේශීය ඇගළුම් ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අපේක්ෂාවෙන් “අත්කමින් ලොවක් දිනන්න” යන තේමාව පදනම් කරගනිමින් දීපව්‍යාප්තව බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ආරම්භ කිරීම සිදු කරනු ලබයි.

ග්‍රාමීය ජනතාවගේ ආදයම් මට්ටම සුරක්ෂිත කරමින්,ස්වයං ව්‍යාපාර ක්ෂේත්‍රයෙහි ඉහළ පිබිදීමක් ඇතිකිරීම හා දේශීය ඇගළුම් නිෂ්පාදන වලට නිසි වෙළදපලක් හිමිකරදීම මෙහි මූලික අරමුණයි.

ගරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ අනුශාසකත්වයෙන්,බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්,ඉඩම් කළමනාකරණ කටයුතු,රාජ්‍ය ව්‍යාපාර,ඉඩම් හා දේපළ සංවර්ධන,පළාත්සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය,ආණ්ඩු පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක රොෂාන් රණසිංහ මැතිතුමන්ගේ ආරාධනයෙන්,පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී,පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති අමරකීර්ති අතුකෝරළ මැතිතුමන්,පළාත් ආණ්ඩුකාරතුමන්, පොළොන්නරුව නගරාධිපතිතුමන් ඇතුළු මහජන නියෝජිතයන් හා ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනයෙහි අධ්‍යක්ෂතුමන්, රාජ්‍ය නිළධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් බතික් පුහුණු මධ්‍යස්ථාන 200ක් ඇති කිරීමේ ව්‍යාපෘතියේ තෙවන සමාරම්භය 2021.02.17වන දින පොළොන්නරුව,තමන්කඩුව,නව නගරයෙහි ඇති ග්‍රාම සංවර්ධන ගොඩනැගිල්ලෙහිදී සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *