ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ආසනයේ බල මණ්ඩල රැස්වීම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ආසනයේ බල මණ්ඩල රැස්වීම පන්නිපිටිය, දෙපානම වෝටර් විලා උත්සව ශාලාවේදී ආසනයේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් ජූලි 30 වන දින පැවැත්විණි. මහරගම ආසනයේ නව සංවිධායකවරයා වශයෙන් පත්වූ සමන් පුෂ්පකුමාර මහතා ඇතුළු මහරගම නාගරික මන්ත්‍රී කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, කොළඹ දිස්ත්‍රික් නායක තිලංග සුමතිපාල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවති අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාන්තා පෙරමුණේ ප්‍රධාන ලේකම්, කොළඹ දිස්ත්‍රික් සංවිධායිකා චන්ද්‍රිකා සොයිසා ,මහරගම හිටපු උප නගරාධිපති, ජේෂ්ඨ නාගරික මන්ත්‍රී සුනිල් කොඩිතුවක්කු ,කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදයේ ලේකම්, මහරගම නාගරික මන්ත්‍රී සමන් සේනාධීර, මහරගම නාගරික මන්ත්‍රී දිනේෂා බෙත්මගේ ,මහරගම නාගරික මන්ත්‍රී ඥානසිරි දයානන්ද ,මහරගම හිටපු නාගරික මන්ත්‍රී සුමනවීර රබෙල් ,චන්දන ජනප්‍රිය සහ කසුන් කාරියවසම් යන මහත්ම මහත්මීන් ඇතුළු මහරගම ආසනයේ බල මණ්ඩල ක්‍රියාකාරීන් රැසක්ද එක්ව සිටියහ. මෙහිදී නව ආසන සංවිධායකතුමා යටතේ නව ආසන මධ්‍ය බල මණ්ඩලය, තරුණ බල මණ්ඩලය, කාන්තා බල මණ්ඩලය පිහිටුවීම සිදු කරනු ලැබීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *