ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ගෝල්ෆේස් අරගලකරුවන් අතර සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී 2022.07.06 වන දින පැවැති අතර,එහිදී එළඹෙන 09 වන දින රට පුරා ක්‍රියාත්මක වීමට නියමිත නිදහස් අරගලය පිළිබඳවත් එය අවිහිංසාවාදය මූලික කරගනිමින් සිදු විය යුතු බවත් මූලික වශයෙන් අවධාරණය විය.
එම අවස්ථාවට හයවන විධායක ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්,ජාතික සංවිධායක දුමින්ද දිසානායක,භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න සහ පක්ෂයේ නිලධාරි මණ්ඩලය සහභාගි විය.
– මාධ්‍ය අංශය –