“වාරි සෞභාග්‍යයා” නමින් වයඹ පළාතේ කුඩා වැව් 350ක් හා ප්‍රධාන වැව් 07ක් පෝෂණය කර වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

“වාරි සෞභාග්‍යයා” නමින් වයඹ පළාතේ මී ඔය ඉහළ ජලධාරා පෝෂක ප්‍රදේශයට හා හක්වටුනා ඔය ජලාශයට මහවැලි ජලය හරවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රාදේශයේ පිහිටි කුඩා වැව් 350ක් හා ප්‍රධාන වැව් 07ක් පෝෂණය කර,කෘෂි කර්මාන්තය හරහා ජන ජීවිතය නගා සිටුවීමත්,පානීය ජල හිගය හේතුවෙන් ඇතිවන පීඩාවන් අවම කිරීමත්,අරමුණු කරගනිමින් වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.
මහකිතුල හා මහකිරුල යන ජලාශ ද්විත්වය ඉදි කිරීම හා උමං මාර්ගය මගින් ජලය ගෙන ඒමේ මෙම
ව්‍යාපෘතිය වාර්ෂිකව ජලය අක්කර අඩි 105000ක් පමණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ උතුරු ප්‍රදේශයට හරවා යල මහ දෙකන්නයේම වගා කටයුතු සදහා ගොවි බිම්,හෙක් 13000කට වාරි ජලයද දැනට පවතින වකුගඩු රෝගයට හේතුවන පානීය ජල ගැටලුව අවම කිරීම වෙනුවෙන් වාර්ෂිකව ජලය අක්කර අඩි 8100ක් ද ඉලක්ක ප්‍රදේශ වලට සැපයේ.
රුපියල් බිලියන 10.8ක මුදල් ප්‍රතිපාදන යටතේ වසර 03කින් නිම කිරීමට අපේක්ෂිත මෙම ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාව පෙබ (16) දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්, ගරු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන්, වාරිමාර්ග හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය,ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම,ඉරුදෙණියාය,කෝන්ගහ හංදියේ දී සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *