වර්තමාන දේශපාලන තත්ත්වය සහ ආර්ථික අර්බුදය පිළිබඳව පුළුල් සාකච්ඡාවක අප දෙදෙනා නිරත වුනි. ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර සහ බීජ ආධාර කිරීමට නවසීලන්තය බලාපොරොත්තු වන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතන හරහා ආධාර උපකාර සිදුකරන බවත් එම ආයතන හරහා ශ්‍රී ලංකාවට සහන හිමිවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් තානාපතිතුමන් මෙහිදී සඳහන් කලේය..
ශ්‍රී ලංකාව මෙතරම් ඉක්මනින් කඩා වැටුණු රටක් ලෙස ඇසීමට සිදුවේ යැයි එතුමන් කිසිවිටකත් බලාපොරොත්තු නොවූ බවත් එහිදී සඳහන් කලේය..
ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ හැකි සියළු උපකාර නවසීලන්තය විසින් සිදුකරන බව එතුමන් මෙහිදී සඳහන් කලේ ය
නවසීලන්ත රජයට සහ තානාපතිතුමන්ට අප රට කෙරෙහි දක්වන උනන්දුව සහ කැපවීම පිළිබඳ මුළු මහත් ශ්‍රී ලංකාව වෙනුවෙන් මා ස්තූතිවන්ත වෙමි.