1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10 කට අඩු සේවා කාලයක් හිමි සේවකයන්ට ඔවුන් ජීවත්ව සිටිනතාක් මාසික දීමනාවක්

වසර 40කට පෙර පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල සේවකයන් 3332ක පිරිසකට මාසික දීමනාවක් දීම ගරු අග්‍රාමාත්‍යතුමාගේ හා බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයෙහි මගපෙන්වීම මත පේෂකර්ම දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කරයි.
1980 හා 1982 කාලය තුළ පෞද්ගලීකරණය කළ බලවේග පේෂකර්ම ආයතනවල වසර 10 කට අඩු සේවා කාලයක් හිමි සේවකයන්ට ඔවුන් ජීවත්ව සිටිනතාක් මෙලෙස මාසික දීමනාවක් හිමි වේ.
මෙය නිළ වශයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.02.12 දින අරලියගහ මන්දිරයේ දී ආරම්භ කළ අතර ගරු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, ගරු රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන් හා වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් හා බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමිය,පේෂකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය,වයඹ පළාත් පේෂකර්ම අධ්‍යක්ෂතුමිය ඇතුලු රාජ්‍ය නිළධාරීන් රැසක සහභාගිත්වයෙන් පෙබ 14 දින සියලුම සෞඛ්‍යය නීති රීතීන්ට අනුකූලව වයඹ පළාත්සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *