ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වී පාර්ලිමේන්තුව තුල ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳ සහ පක්ෂයක් ලෙස ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සදහා මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (06) දිනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජගත් පුශ්පකුමාර, චාමර සම්පත් දසනායක, ශාන් විජයලාල් ද සිල්වා, සාරතී දුශ්මන්ත, අංගජන් රාමනාදන්, සුරේන් රාඝවන් යන මැතිතුමන්ලා සහභාගී විය.