අතිගරු ජනාධිපතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම” වැඩසටහනට අනුව විකල්ප බලශක්තීන් මගින් විදුලිය ජනනය කිරීම පිණිස සියඹලාණ්ඩුව ප්‍රදේශයේ මෙ.වො.100 ක ධාරිතාවයකින් යුත් සූර්යබල උද්‍යානයක් ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවක් පෙබ 10 දින ගරු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරීයේදී පැවැත්වුණි. මෙහිදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බවට හඳුනාගෙන ඇති, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ප්‍රාදේශීය ලේකම් වෙත නිදහස් කර ගැනීම සහ යෝජිත සූර්යබල උද්‍යානය ඉදි කිරීම හේතුවෙන් ඉඩම් අහිමිවන ගොවීන් සඳහා විකල්ප ඉඩම් ලබාදීම යන කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරන ලදී.
ගරු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා, විදුලිබල අමත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් මහතා, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා, අධ්යක්ෂ ජනරාල් ආචාර්ය අසංක රොද්‍රිගූ මහතා, ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සහභාගී වූහ.