නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton මහතා ඊයේ දිනයේ දී මා මුණගැසිමට පැමිණීම බෙහෙවින් අගය කරමි.මා සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවේ දී වර්තමාන ආර්ථික තත්ත්වය සහ ජන ජීවිතයේ පීඩාකාරී තත්ත්වය පිළිබඳව මෙහිදී අවධානයට යොමු විය.

දීර්ඝ කාලීන මිතුරු රාජ්‍යයක් වූ නවසීලන්තය අනාගතයෙත් මෙරටට උදව් උපකාර කිරීමට සූදානමින් සිටින බවත් මෙම හමුවේ දි ඒ මහතා සඳහන් කරන ලදී.මා මුණ ගැසීමට පැමිණීම පිළිබඳව Michael Appleton මහතා හට ස්තූතිවන්ත වන අතර නවසීලන්ත රජයේ මිත්‍රශීලී සහාය සැමදා අප රට අපේක්ෂා කරමි.