සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයට අවශ්‍ය ශල්‍ය ගෝස් දේශීය වශයෙන් නිපදවීමේ ගිවිසුම පෙබ 8 දින අත්සන් කෙරේ.

දේශීය නිෂ්පාදනයන් වගේම නිෂ්පාදකයන් දිරිගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය සැපයුම් ඒකකයට අවශ්‍ය ශල්‍ය ගෝස් දේශීය වශයෙන් නිපදවීමේ ගිවිසුම බතික්,අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන් හා ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමන් ඉදිරියේදී ගිවිසුම්ගත වූ වගයි..

වාර්ෂිකව ශල්‍ය ගෝස් මීටර් මිලියන 30ක් සඳහා රුපියල් මිලියන 770 ක් වැය වන අතර දේශීය නිෂ්පාදකයා ද ආරක්ෂා වන පරිදි සළුසල ආයතනය හා එක්ව කටයුතු කරන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් සඳහන් කළ අතර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ රෝහල් සඳහා අවශ්‍ය කරන ඇඳ ඇතිරිලි,කොට්ට උර,ශල්‍යකර්ම සඳහා භාවිත කරන රෙදි ආශ්‍රිත නිෂ්පාදන පේෂකර්ම දෙපාර්තමේන්තුව මගින් නිපදවන අතර ඉදිරියේදී පේෂ කර්මාන්තය දියුණු මට්ටමකට ගෙන එමින් ප්‍රාදේශීයව ඇති රෝහල් සඳහා අවශ්‍ය සැපයුම් අදාල ප්‍රදේශයෙන් ම නිපදවා භාවිතයට ගැනීමට ද කටයුතු කරන බවයි.

බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන මහත්මිය හා දේශීය ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කේ.ආර් උඩුවාවල මහත්මාගේ ද සාක්ෂි මතින් මෙම වැදගත් වූ ගිවිසුම අද (08) දින බතික් අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩී.ආර්.කේ හේරත් මහතා සහ ලංකා සළුසල ලිමිටඩ් ආයතනය සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතාගේ අත්සනින් සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *