පේෂකර්ම ගම්මාන 200 ක් ආරම්භ කරමින් යන ගමනේ දෙවන බතික් පුහුණු කිරීමේ සේවා මධ්‍යස්ථානය යාපනය දිස්ත්‍රික්කයේ “පුන්කුඩතිව්” ප්‍රදේශයේ දී 2021.02.05 වන දින ආරම්භ විය.

#අත්කමින්ලොවක්දීනන්න.

2021 වසර ආරම්භයත් සමඟම වැඩ කරන රටක් සංකල්පය පෙරටු කොට ගනිමින් උතුරත් දකුණත් එකට එක් කරන ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ නවමු ප්‍රබෝධයක ව්‍යාප්තිය සනිටුහන් වී තිබේ.

ඒ අනුව සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීව “වැඩකරන රටක් ඵලදායී පුරවැසියෙක් හා සතුටින් ජීවත්වන පවුලක්” යන සංකල්පය මත පදනම්ව දීප ව්‍යාප්තව පේෂකර්ම ගම්මාන 200 ක් ආරම්භ කරමින් යන ගමනේ දෙවන බතික් පුහුණු කිරීමේ සේවා මධ්‍යස්ථානය යාපනය දිස්ත්‍රික්කයේ “පුන්කුඩතිව්” ප්‍රදේශයේ දී 2021.02.05 වන දින ආරම්භ කෙරිණ.

මෙම අවස්ථාව සියලුම සෞඛ්‍ය නීතිරීතීන්ට අනුකූලව දුරස්ථතාවය සුරකිමින් පවත්වන්නට යෙදුනු අතර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී,පාර්ලිමේන්තු කාරකසභා සභාපති අංගජන් රාමනාදන් මැතිතුමන්,උතුරු පළාත් ආණ්ඩුකාරතුමිය,මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන SLITA ආයතනයේ අධ්‍යක්ෂතුමන්,උතුරු පළාත් දේශපාලන නියෝජිතවරුන් හා රාජ්‍ය නිළධාරීන්ගේ රැසක සහභාගිත්වයෙන් සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *