නිපුණතා සංවර්ධන පුහුණු මධ්‍යස්ථානය – කෝපායි, අත්යන්ත්‍ර රෙදි පිළි වෙළදපල (කර්මාන්ත දෙපාර්තමේන්තුව) – නල්ලූර්, සී/ස යාපනය දිස්ත්‍රික් පේෂ කර්මාන්තකරුවන්ගේ සමූපාකාර සමිතිය – කොණ්ඩාවිල්, බතික් පුහුණු මධ්‍යස්ථානය – මණියමත්තෝඩම්, යාන් වර්ණ කිරීම සිදු කරන මධ්‍යස්ථානය – චුන්නාහම් යන ප්‍රදේශයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඔවුන්ට මෙම කර්තව්‍යයන් සිදු කිරීමට ඇති බාධක හා ගැටළුන් හදුනා ගන්නා ලදී.මෙම අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී,නියෝජ්‍ය කාරකසභා සභාපති අංගජන් රාමනාදන් මැතිතුමන්, ඇතුළු රාජ්‍ය නිළධාරීන් ඇතුලු පිරිසක්ද සහභාගි විය.














