මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තරුණ පිරිස පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම

මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තරුණ පිරිස පුනරුත්ථාපනය කිරීමේ #නිට්ටඹුව_ඌරාපොල_නවදිගන්ත_පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රු. ලක්ෂ 60 ක දන පරිත්‍යාගයකින් අත්තනගල්ල ශ්‍රී අරහන්ත රජමහා විහාරාධිපති සීනාදි සිව්කෝරළයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්දාභිධාන නාහිමිපාණන් විසින් අභිනවයෙන් ඉදි කරනු ලැබූ නේවාසික ප්‍රතිකාර ගොඩනැගිල්ල විවෘත කිරීම පසුගියදා පැවැත්වුණි. මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර මැතිතුමා, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමා සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මැතිතුමා ඇතුළු නිලධාරීන් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *