2021 වර්ෂය නිමා වීමත් සමගම උදාවන 2022 නව වර්ෂය සඳහා ආශිර්වාද කීරීම වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගෞරවණීය විහාරාධිපති ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය අද දින මාගේ නිවසට වැඩම කරන ලදි.

ලබන්නා වූ නව වසර වෙනුවෙන් ආශිර්වාදාත්මක පිරිත් සජ්ජායනයක් එම අවස්ථාවේ සිදු කෙරුණු අතර මේ සඳහා වැඩම කරන ලද ගරුතර මහා සංඝරත්නයට මාගේ ගෞරවපූර්වක නමස්කාරය පුද කරමි.