ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර ආසන සංවිධායකවරුන් හා දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ විශේෂ හමුව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ රන්ජිත් සියඹලාපිටිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ විශේෂ හමුවක් 17/012021 දින මහනුවර queens හෝටලයේදී පැවැත්විණ. මෙහිදී සංවිධායකවරුන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර ඔවුන්ට පවතින ගැටලු හඳුනාගනිමින් අවශ්‍ය විසඳුම් සෙවීමට නිර්දේශි ඉදිරිපත් කිරීම සිදුවිය. මෙම අවස්ථාවට හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මැතිතුමා ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් එක් වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *