මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් සිදුකල වියදම් සහ රටට ගෙන ආ ආධාර පිලිබඳව විශ්ලේෂණයක්.

ප්‍රජාතන්ත්‍රවාදී , මානව නිදහසට ගරු කරන රාජ්‍ය නායකයෙක් සිටින රටවලට විදෙස් ආධාර ලැබීමේ සම්භාවිතාව ඉහලයි. 2015 – 2019 මෛත්‍රී ජනාධිපතිතුමාගේ ධූර කාලය ජාත්‍යන්තරව සැලකුවේ මානව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉහලින් තිබුන කාලසීමාවක් ලෙසට. ඒ නිසාම රටට ආයෝජන මෙන්ම ආධාර බහුල වශයෙන් ලැබුනා. ඒ වසර පහකට ආසන්න ධූර කාලය තුල යහපාලන රජය විසින් රටේ ජනතාවගේ සමෘද්ධිය සහ සුභසාධනය වෙනුවෙන් ගත් තීන්දු තීරණ පිලිබඳව ප්‍රභල රටවල නායකයන් සභවාදීව බැලුවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෝක බලවතුන්ගේ අවධානය අපේ රටට ලබාගැනීමට එතුමන්ගේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී ආකල්ප ඉවහල් උනා. ඒ නිසාම ලෝක සමුළු සඳහා නිතැනින් එතුමන්ට ආරාධනා ලැබුනා. ලෝක බලවතුන් සමග එක්ව කටයුතු කරන්න අවකාශය ලැබුනා.

2019 වසරේ ජනාධිපතිවරයාගේ විදෙස් ගමන් සඳහා සමස්ථ වියදම රුපියල් මිලියන 52 යි. නමුත් එතුමන්ගේ චීන සංචාරයෙන් පමණක් රුපියල් බිලියන 3.8 ක ආධාර මෙරටට ගෙන ආවා. රටක නායකයෙකුගේ හැසීරීම සහ ආකල්ප අනුව තමයි ලෝක බලවතුන් එම රාජ්‍යයට උදව් කරනු ලබන්නේ.