“නිදහස් තරුණයෝ” සංවිධානය විසින් සිසු දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපන සේවා සැපයීමේ සමාජ මෙහෙවරක් කුරුණෑගල දිස්ත්‍රික්කය මූලික කරගනිමින් දිවයින පුරා ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇත. ඒ වෙනුවෙන් වන ” නිදහස් තරුණයෝ”වෙබ් පිටුවද අද දින අන්තර්ජාලය තුළ එළිදක්වන ලදී.එම වෙබ් පිටුව මගින් තරුණ තරුණියන් සදහා සිය අධ්‍යාපනයෙන් පසුව සමාජයට තමන්ගේ අධ්‍යාපන දැනුම බෙදාහැරීමට හැකියාව ලබෙනවාක් මෙන්ම නව ආර්ථික රටාව තුළ තමන්ගේ රැකියාව ස්ථානගත කිරීම වෙනුවෙන් උපදේශන වැඩසටහන් සිදුකිරීම ද සිදු කරනු ලැබේ.
දැයේ දුවා දරුවන්ගේ අනාගතයට අධ්‍යාපනය තුළින් රුකුලක් වන්නට හැකියාව හා ශක්තිය ඇති ඔබ සැම මුහුණුපොතෙහි “හැදෙන පරපුර” පිටුවට ද කැමැත්ත ඵල කර අප හා එක් වන ලෙස ගෞරවයෙන් යුතුව ආරාධනා කරමු.තවද මෙම තරුණ හා කාන්තා සංවිධානයන්හි නව ඇරඹුමට සුබ පැතුම් එක්කිරීමට පැමිණි සුබපතන්නන් විසින් සංවිධාන අරමුදල වෙත සුවිශේෂී මුදල් පරිත්‍යාගයන්ද සිදු කළ අතර,මෙම අවස්ථාව සදහා ශ්‍රී.ල.නි.ප දිස්ත්‍රික් සංවිධායකවරුන්,ආසන සංවිධායකවරුන්,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන්,ප්‍රාදේශීය අපේක්ෂක මහත්ම මහත්මීන්,තරුණ සංවිධාන හා කාන්තා සංවිධාන නිළධාරීවරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
** නිදහස් තරුණයෝ නිළ වෙබ් පිටුවhttps://nidahastharunayo.lk
** හැදෙන පරපුර නිළ ෆේස්බුක් පිටුව https://www.facebook.com/%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%99%E0%B6%B1-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB-111748441293573/
– මාධ්‍ය අංශය –