මහින්ද අමරවීර අමාත්‍යතුමාගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම වෙනුවෙන් “දිරිදුන් ජනවරමක් – අරුත්දුන් තිස් වසරක්” තේමා කරගෙන සිදුකරන සමාජ සත්කාර වැඩසටහනේ තිස්සමහාරාමය මාගම ප්‍රදේශයේ සිටින අඩු පෝෂණය සහිත සහ ආර්ථික අපහසුතා ඇති ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මලු ලබා දීම ඊයේ (නොවැම්බර් 14) දින මාගම සෞඛ්‍යය මධ්‍යස්ථානයේදී සිදුවිය.