මලංගමුව මාර්ගය,ඇටඹගහකඳුර කැන්දගොල්ල මාර්ගය ,කැන්දගොල්ලො මහා විද්‍යාලයේ සිට වාඩි පොල කන්දෙ ආරාව දක්වා මාර්ගය,හින්නාරංගොල්ල මීවාමලහින්න මාර්ගය, සොහොන හන්දියේ සිට මුතුමාල දක්වා කොටස, කුට්ටියගොල්ල ඇත් ගාල මාර්ගය, වෑකඩ කොස්ගොල්ල මාර්ගය යන අති දුෂ්කර ග්‍රාමීය මාර්ග පහක කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු අද (29) ආරම්භ කරන්න ලැබුණා.මේ මේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති තුළින් බදුල්ල හා වියලුව ආසනවල කිලෝමීටර් 26 ක දුරක් කාපට් අතුරා පූර්ණ මාර්ග සංවර්ධනය කෙරෙනවා.එය සඳහා දළ වශයෙන් රුපියල් මිලියන එකසිය හයකට ආසන්න මුදලක් වැය වෙනවා.එම මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නේ මහා මාර්ග අමාත්‍යාංශයේ මාර්ග සංවර්ධන අධිකාරියයි.