COP 26 සමුළුවට සමගාමීව ස්කොට්ලන්ත විශ්වවිද්‍යාලයේ පැවති දකුණු ආසියානු අමාත්‍යවරුන්ගේ රැස්වීම අමතමින් “මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් වුවත් දේශගුණික විපර්යාසයන්ගෙන් වන බලපෑම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ලොවට ආදර්ශයක්” බව ගරු පරිසර අමාත්‍යතුමන් පසුගිය නොවැම්බර් 04 වනදා ප්‍රකාශ කරනු ලැබීය.

දේශගුණික විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ආර්ථික ක්ෂේත්‍ර වලට හානි වන බවත් දශක ගණනාවක් තිස්සේ පවතින දේශගුණික හා ආපදා අවදානම් තත්ත්වයන්ට මුහුණ දීමට අවශ්‍ය මූල්‍ය විකල්ප ස්ථාපිත කර ඇති බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව ආපදා කළමනාකරණයේදී දක්වා ඇති ශක්‍යතාවන් සම්බන්ධයෙන් රටක් වශයෙන් සතුටට පත්වන අතර මෙම ක්‍රියාවලියට රජය සියලු මූල්‍ය දායකත්වය සපයන බවත් එතුමන් සඳහන් කරනු ලැබීය.