ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා අද දින මා හමුවීමට නිවසට පැමිණීම පිලිබඳව ස්තූති වන්ත වන අතර, එතුමාගේ වසර තුනක සේවා කාලය තුලදී ශ්‍රී ලංකා රජයට සහ මෙරට ජනතාවට ලබාදුන් ප්‍රසංසනීය රාජ්‍යත්‍රාන්තික සේවාව පිලිබඳව ස්තූති කලෙමි.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන මිතුරෙකු වූ ජපානය මෙරටට ආධාර උපකාර කිරීමේදී සැබෑ ලෙංගතු මිතුරෙකු ලෙසම ක්‍රියාකොට ඇති බව මිත්‍රත්වයෙන් සිහිපත්කරමි.

ජනාධිපතිවරයා ලෙස මාගේ ධූර කාලය තුලදී ජපන් රජය මෙරට තුල ආරම්භ කල දැවැන්ත ව්‍යාපෘති අනාගතයේදී මෙරට ජනතාවට ඵලදාය ලෙස භුක්ති විදීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරමි.

වසර තුනක සේවා කාලය අවසන් කොට සිය මවු රට බලා පිටත්ව යන සුගියාමා අකිරා මහතාට සහ ඔහුගේ පවුලේ සැමට සුබ පතමි.

本日、杉山明駐スリランカ日本大使が面会に来られたこと、ならびに同大使が3年間の任期中にスリランカ政府及び国民にもたらした賞賛すべき外交活動を大変嬉しく思います。また、スリランカの長年の友人である日本がこの国を支援するにあたり真の友人として活動してくれていることを思い返す次第です。大統領として自分の在任中に日本政府が開始した大型事業が将来的にこの国の国民に利益を供与するものとなると信じています。3年間の任期を終え、帰国する杉山明大使とご家族のご多幸を祈念します。