භාරතයේ 11 වන ජනපති ආචාර්ය අවුල් පකීර් ජයිනුලබ්දීන් අබ්දුල් කලාම් මහතාගේ 90 වන ජන්ම දිනය සැමරෙයි.

ආචාර්ය උපාධි 40කින් පිදුම් ලබමින් භාරතයේ “මිසයිල මිනිසා” නමින් හැඳින් වූ මෙතුමා ජනතාවාදී වූ පරමාදර්ශී දේශපාලන නායකයෙකු විය.

මෙතුමාගේ ජන්ම දිනය හා සමගාමීව ඉන්දියාවේ “ලීඩ් ඉන්දියා පදනම” විසින් සෞඛ්‍ය,අධ්‍යාපනය,කෘෂිකර්මය,සාමය සහ මහජන සහජීවනය තුළින් තිරසාරත්වය බල ගැන්වීම සදහා රටක් වශයෙන් දායකත්වය ලබා දෙන දේශපාලන නායකයින් ඇගයීමට ලක් කෙරිණ.එහිදී තිරසාර සංවර්ධන ඉලක්ක සදහා ආදර්ශමත් නායකත්වය සහ පරාර්ථකාමී නායකත්වය සදහා සිය කාලය කැපකිරීම වෙනුවෙන් පිදෙන ගෞරව සම්මානයට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු නීතීඳ දයාසිරි ජයසේකර මහතා පාත්‍ර විය.

මෙම සම්මාන උත්සවය “SUNFO Global Federation” විසින් 2021.10.30 වන දින “බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී” සංවිධානය කර තිබූ අතර, මෙම අවස්ථාව සදහා,”ලීඩ් ඉන්දියා පදනමෙහි” සභාපති ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෝලීය ඩිජිටල් විශ්වවිද්‍යාලයේ උපකුලපති අබ්දුල් කලාම් ජනාධිපති පදනමෙහි තානාපති ආචාර්ය හරී ක්‍රිෂ්ණා මාරන් මහතා ප්‍රමුඛ විශේෂිත ආරාධිතයන් පිරිසක් එක් විය.

“Lead India Foundation” Sustainable Empowerment Health, Education, Environment, Agriculture-Peace and Coexistence Exemplary leadership and selfless time and commitment for the Sustainable Development Goals presented on the 90th birth anniversary of the People’s President 11th President of India Dr. Awul Pakir Jainulabdeen Abdul Kalam Celebrates 90th Birthday Known as the “Missile Man” of India, he was a pro-people, idealistic political leader who received 40 doctorates.

Coinciding with his birthday, the Lead India Foundation of India commended the political leaders of the country for their contribution to promoting sustainability through health, education, agriculture, peace and public co-existence. Dayasiri Jayasekara, State Minister of Batik Handloom Textiles and Local Apparel Products was the recipient of the award for dedicating time.

The awards ceremony was organized by SUNFO Global Federation on 30.10.2021 at the Bandaranayake Conference Hall. Dr. Hari Krishna Maran, Ambassador of the Abdul Kalam Presidential Foundation, Vice Chancellor of the Global Digital University, USA, President of the Lead India Foundation, was among the distinguished guests.

– Media Unit –