ජා-ඇල ආසනයේ ප්‍රධාන සංවිධායක නාමල් සුරංග මැතිතුමාගේ පූර්ණ අනුග්‍රහය තුළ ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විහාරස්ථාන 34 ක, ගරු ස්වාමීන් වහන්සේලාගේ දානමය කටයුතු වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීම අද දින සිදු කරන ලදී.

ජා-ඇල ඉහලගම ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ ගරු කුරුවිල විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ වෙත එය සංකේතවත් කරමින් පරිත්‍යාග කළ අවස්ථාව.මෙම අවස්ථාව සඳහා ජා-ඇල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන රුවන් චන්ද්‍ර මැතිතුමා, චාමිකා හර්ෂණී මැතිතුමිය, හසිත් පරණවිතාන මැතිතුමා, වාමාංසික පෙරමුණේ ඇන්තනී මැතිතුමා, ආසන කළමණාකරු සුජිත් නාලක මැතිතුමා, ඉහළගම කොට්ඨාශ නායක අජිත් ප්‍රසන්න මැතිතුමා, තරුණ බල මණ්ඩලයේ ප්‍රධාන සංවිධායක අසංක වාසනා මැතිතුමා සහභාගී විය.